World

රුසියානු ගුවන් යානයක් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයි – හදුනා නොගත් අවියකින් රුසියාවෙන් ප්‍රතිප්‍රහාර

සිරියාවේ ත‍්‍රස්ත පාලන ප‍්‍රදේශයක් වන ඉඞ්ලිබ්හිදී රුසියානු ප‍්‍රහාරක යානාවක් ත‍්‍රස්තයන් විසින් විනාශ කිරීමත් සමග ඊට පළිගැනීමක් ලෙස රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්ගේ විශේෂ නියෝගයකින් මෙතෙක් ලොවට හෙළිකර නොතිබූ අවි ප‍්‍රහාරයකින් සිරියානු සටන්කාමීන් 30 දෙනකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

පෙරේදා (03) මෙලෙස සිරියානු සටන්කාමීන් විසින් සුනු විසුනු කර තිබුණේ රුසියාවේ එස්යූ-25 දරන ප‍්‍රහාරක ගුවන් යානයයි. එහි ගුවන් නියමුවා යානය විනාශ වී බිමට පතිතවීමට පෙර පැරෂුටයකින් යානයෙන් පැන තිබිණ.

සටන්කාමීන්ගේ ඉලක්කය වී ඇත්තේ පැරෂුටයෙන් බිමට පතිත වූ පසුව ගුවන් නියමුවා අත්අඩංගුවට ගැනීමටයි.
එහෙත් එම ප‍්‍රදේශයේ සිටි සටන්කාමීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇත.

රුසියානු ප‍්‍රහාරක ගුවන් යානය විනාශ කර දැමීමේ වගකීම අල්-කයිඩා ත‍්‍රස්ත සංවිධානයේ අනුබද්ධ ත‍්‍රස්ත සංවිධානයක් වන හයාට් ටරීර් අල්-ෂාම් ත‍්‍රස්ත කණ්ඩායම භාරගෙන තිබිණ.

මෙම ප‍්‍රහාරයත් සමග කුපිත වූ රුසියානු ජනපති ව්ලැද්මීර්ගේ විශේෂ නියෝගයකින් මෙතෙක් හෙළි කර නොතිබූ වඩාත් නිරවද්‍ය අවි ප‍්‍රහාර කරනු ලබන ප‍්‍රහාරක අවියකින් රුසියානු යානය විනාශයට පත්වූ ප‍්‍රදේශයට එල්ල විය. එම ප‍්‍රහාරයෙන් සටන්කාමීන් 30 දෙනකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට වාර්තා සඳහන් කළේය.

 

Related posts

බැතිමතුන් සිටි දේවස්ථානයක වහලයක් කඩා වැටෙයි

Admin

නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 8ක් මරු දකී

Admin

කාන්තාවන්ට විනෝද උද්‍යාන තහනම්

Admin

70 වසරක් තායිලන්තය පාලනය කල භූමිබෝල් රජු දිවියෙන් සමුගනී

colombotoday

ජනප්‍රිය රැප් ගායකයෙකු අභිරහස් ලෙස මිය යයි

colombotoday

ඩොලර් බිලියන 1000ක් වටිනා ස්වභාවික ඛණිජ සම්පත් තලේබාන් සංවිධානය සතුවීමේ අවධානමක්

colombotoday