Colombo Today Local News

බදුර්දීන් හා බැසිල් අද උසාවි නොයයි

විල්පත්තු රක්ෂීතය එළිපෙහෙළි කර මුස්ලිම් ජනාවාස ඉදිකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අද 05 දින අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඇමති රිෂාද් බදුර්දීන්ට, වන සංරක්ෂණ ජනරාල්වරයා ඇතුළු පිරිසට නොතීසි නිකුත් කර ඇතැයි පැවසෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බව කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

ඔවුන්ට අධිකරණයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත්තේ මාර්තු 05 වැනිදා යැයි එම අමාත්‍යාංශය පවසයි.

විල්පත්තු රක්ෂිතය එළිපෙහෙළි කර නීති විරෝධී අයුරින් ජනතාව පදිංචි කරවීම සම්බන්ධයෙන් නීතීඥ නාගනන්ද කොඩිතුවක්කු විසින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය මෙම පෙත්සම විභාග කිරීමට තීරණය කළේය.

Related posts

කුණු කන්දට එරෙහිවූ සත්‍යග්‍රහයට ගුටිබැට දුන්නු කොළොන්නාව නගරාධිපතිට එරෙහිව පොලිස්පති වෙත පැමිණිල්ලක්

colombotoday

‍රනිල්ගේ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ගෙනයන්න අනුර එකඟ වුනා

Admin

මිලානෝ නගර සභාවට අංක 8 න් ශ්‍රී ලංකාවේ ධමිමිකා චන්ද්‍රසේකර

colombotoday

“ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවෙයි. මා කී කතාව නිවැරදියි” -විග්නේශ්වරන් යලි කියයි

colombotoday

අක්කර 1000ක් සමග අලිමංකඩ ලුණු ලේවාය පුද්ගලික අංශයට…. 20%ක් බදියුදීන්ට….

colombotoday

කසල තේ කිලෝ 15842ක් ගම්පොළදී අල්ලයි

Admin