Colombo Today Local News

කලාකරුවන්ට දුන් පොරොන්දු ජනාධිපතිතුමා ඉටු කළේ නැහැ

2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිවිල් සංවිධානවලට හා කලාකරුවන්ගේ සංවිධානවලට පොරොන්දු කිසිවක් ගතවූ වසර තුන ඇතුළත ඉටු කිරීමට නොහැකි වූ බැවින් මෛත්‍රිපාල සිරිසේන මහතා වංචනික නායකයකු බවට පත්ව ඇතැයි නිදහස් කලා සන්ධානයේ ප්‍රධාන ලේකම් ඩග්ලස් සිරිවර්ධන මහතා ඊයේ (04දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

හෙතෙම මෙහිදී වැඩිදුරටත් මෙසේද කීය. පොදු අපේක්ෂකයාට සහාය දුන් කලාකරුවන්ගේ ඉල්ලීම් මාලාවේ ප්‍රමුඛතම ඉල්ලීම බවට පත් වූයේ සංස්කෘතික අමාත්‍යාංශය ශක්තිමත් කර ප්‍රබල කැබිනට් අමාත්‍යාංශයක් බවට පත් කිරීමය. එහෙත් සිදුවූයේ එය නොවේ. වර්තමාන ජනාධිපතිතුමා යටතේ සංස්කෘතික අමාත්‍යාංශය කොටස් දෙකකට බෙදා අමාත්‍යවරුන් දෙදෙනකු යටතට පත්කිරීමයි. ඉන් සිදුවූයේ අමාත්‍යාංශයේ කාර්යභාරය ඉටු නොවීමයි. සම්පූර්ණයෙන් අවුල් වීමයි.

ඒ ලිපියට පළමුවෙන්ම අස්සන් කරපු ධර්මසිරි බණ්ඩාරනායක අද ජනාධිපති උපදේශකයකු වෙලා ඉන්නවා. නෙලුම් පොකුණ, ජෝන් ද සිල්වා රඟහල, ටවර් හෝල් වගේම එල්ෆින්ස්ටන් වැනි රංගශාලා අනාගතයේදී විකිණීමට සූදානම් වන අවස්ථාවේදීවත් ඒවා බේරා ගැනීමට ඔහුට හැකියාවක් නැහැ. මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ගැන අපිට තිබෙන්නේ කනස්සල්ලක්. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපති යුගයේදී කලා ක්ෂේත්‍රයට ලැබුණු වරප්‍රසාද ඉහළයි.
මේ ආණ්ඩුවට විරුද්ධව අපේ කලාකරුවන් පෙහොට්ටුව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරනවා.

Related posts

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin

“බන්ධනාගාර කොමසාරිස් මගේ ලගදි ඇඩුවා.!“ හිරුණිකා බන්ධනාගාරය ගැන අමුතු කතා කියයි.

colombotoday

සාලාවේ කුඹුරු වැඩට හමුදාව එයි (PHOTO)

colombotoday

කළු ඉරිදා දේව මෙහෙයට කුරාන රැගෙන පැමිණි මුස්ලිම් කත අත්අඩංගුවට

colombotoday

සේවා කිහිපයක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක්

Admin

තරුණියට හදි කරන්න හැදූ ක්‍රිකට් ක්‍රීඩකයාට මාතරදී ගුටි පුජාවක්

colombotoday