Colombo Today Local News

ශ්‍රීපාදස්ථානය පාමුළින් හමුවූ හනුමාගේ කියා වැන්ද පා සටහන ගැන හෙළිවුණු දේ…

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් නිවිෆෝක්මොර් වතුයායේ ශ්‍රිපාද රක්‍ෂිතයට ආසන්නයේ ගල්තලාවක් මත මතුවු පා සටහන් වල කොටසක් මෑතකදී නිර්මාණය කරන ලද බවත් කිසිදු පුරා විද්‍යාත්මක වටිනාකමක් නොමැති බවත්

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජනරාල් මහාචාර්ය පි.බි මන්ඩාවල පවසා තිබේ.ගලේ එක ලග තිබු ස්භාවික සටහන් දෙකෙන් එකක් මත කිසියමි පිරිසක් ඇඟිලි සටහන් නිර්මාණය කර ඇති බව හවුරවී ඇතැයි පවසන ඔහු

මේ සමිබන්ධයෙන් එම ස්ථානයට ගොස් පරික්‍ෂා කළ පුරා විද්‍යා නිළධාරින් කණ්ඩායම ඡායාරූප සටහන් ලබාගත් බවත් අවසන් නිගමනයට එලැඹීමට තව දින කිහිපයක් ගතවනු ඇති බවත් පවසා තිබේ.

එම පා සටහන් හනුමා දෙවියන්ගේ පා සටහන් බවට වතුකමිකරුවන් විශ්වාස කරමින් මේ වන විට එම ස්ථානයේ දිවා රාත්‍රී දෙකෙහිම පුද පුජා පවත්වනු ලබන අතර එම ස්ථානය දැක බලා ගැනිම සදහා තව දුරටත් දිනපතා විශාල පිරිසක් එම ස්ථානයට පැමිණෙමින් සිටින බවද කියැවිණි.

මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු මෙම තේ වතුයායේ පිහිටි ගල් තලාව වෙත ගොස් කිසියම් අයෙකු කොටා සකස් කළ පාද සලකුනු දැයි සැකයක් මුලදී මතුවුවද ඒ වෙතට කිසිවෙක් නොයන බව වතුකම්කරුවන් එකහෙළා පවසා තිබුණි.නිව් ෆෝග්මෝර් තේ වතුයායේ කම්කරුවන් පිරිසක් මුලින්ම මිනිසකුගේ දකුණු පාදයේ පා සටහනක් සොයාගෙන පාසි සුද්ධ පවිත්‍ර කිරීමේදී වම් පාදයේ පා සටහනද හමුවූ බව දන්වා තිබූ අතර පසුව පුද පූජා ආරම්භ විය.

Related posts

අනුරට හෘදයාබාධයක්, රෝහල්ගත කරයි.

colombotoday

පේරාදෙණියේ පස් කන්දකට යට වූ අයෙකුගේ සිරුර හමුවෙයි

Admin

දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති

colombotoday

හිස් ආවරණය නිසා විභාග අක්‍රමිකතා – මුස්ලිම් විභාග අපේක්ෂිකාවන්ට නීති වෙනස් වෙයි !

colombotoday

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට කිසිඳු පාර්ශවයකට ඒම වළකමින් අධිකරණ නියෝගයක්

colombotoday

රවිරාජ් ඝාතන චෝදනාවෙන් නිදහස් වී අද පාරන්දර ගෙදර ගිය බුද්ධි අංශ නිලධාරීන් රට ගැන කී දේ (Video)

colombotoday