නාවික හමුදාවට අයත් බෆල් රථයක ගැටීමෙන් නව හැවිරිදි දැරියක් මරණයට පත්වීම නිසා පුංකුඩුතිව් දූපත් ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.
පුංකුඩුතිව් මහා විද්‍යාලය ආසන්නයේදී බෆල් රථය යතුරු පැදියක ගැටී ඇති අතර, යතුරු පැදියේ ගමන්කරමින් සිටි තිරුංගල් කේසනා නමැති එම දැරිය 24 බදාදා උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත.
අධික වේගයෙක් ධාවනය වූ බෆල් රථයේ රියැදුරුගේ වරදින් මෙම අනතුර සිදුවූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.