Colombo Today Local News

බැදුම්කර වාර්තාවේ ‘කෑල්ලක් හැංගූ‘ හේතුව ජනපති කියයි

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ පාර්ලිමේන්තුට ඉදිරිපත් කළ පිටපතේ, පිටු අඩුවී ඇතැයි ඇතැමුන් කෑ ගැසුවත් එහි පිටු අඩුවීමක් කිසිසේත් සිදුව නොමැති බවත ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය සමඟ ඊයේ (23) පස්වරුවේ පිටකොටුවේදී පැවති හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේ ය.

සිදුව ඇත්තේ පරික්ෂණ කටයුතු නිම වනතුරු රහස්‍යභාවය ආරක්ෂා කළයුතු ඇතැම් අනු ලේඛන පවතින බැවින් නීතිමය කටයුතු යම්තාක් දුරට ඉදිරියට කි‍්‍රයාත්මක වන තුරු එම ලිපි ලේඛනවල රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට සිදුව තිබීම බව ද ජනාධිපතිවරයා පැවසීය. ඒවා එළිදැක්වීම තුළ චෝදනාවලට ලක්වූවන්ට අයුතු වාසි ලබාගැනීමට හැකියාව පවතින බවද ජනපති පෙන්වා දුන්නේය.

 

Related posts

කොළඹ සතොසට ආ පොල් ගෙඩි 200, 66දෙනෙකුට බෙදා දෙයි

Admin

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට

colombotoday

ආර්ථිකය ස්ථාවර වෙන්න මාස 18ක් ගතවෙනවා – අගමැතිවරයා ජාත්‍යන්තරයට කියයි.

colombotoday

කළුතර වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්

Admin

ජනපති අනුරට දෛවයේ සරදම්! ඉන්දියානු ව්‍යාප්තවාදයේ නොකියූ කතාව

colombotoday

වෙබ් අඩවිවලට, සමාජ ජාලාවලට අගමැති අනතුරු අඟවයි !

colombotoday