Colombo Today Local News

ජනපති,අගමැති කියන්නෙ බොරු… රාජපක්ෂ යුගයේ වංචාවක් ගැන බැදුම්කර වාර්තාවේ නෑ

බිලියන 4000 ක වංචාවක්‌ රාජපක්‍ෂ යුගයේදී සිදුවූ බවට පිටු 945 කින් යුතු බැඳුම්කර වාර්තාවේ කිසිඳු තැනක සඳහන් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ගම්මන්පිල මහතා එම අදහස්‌ පළ කළේ ඊයේ (22 දා) පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

”ජනපති සහ අගමැති සෑම ස්‌ථානයකදීම පුන පුනා ප්‍රකාශ කරනවා බැඳුම්කර වාර්තාවේ රාජපක්‍ෂ යුගයේදී බිලියන 4000 ක වංචාවන් සිදුවී ඇති බව සඳහන් වන බව. මම පිටු 945 ක වාර්තාව මුල සිට අගට කියෙව්වා. උපලේඛන විතරයි තවමත් කියවන්න තිබෙන්නේ. එහෙම වංචාවක්‌ පිළිබඳව කිසිම සඳහනක්‌ එම වාර්තාවේ නෑ.

එහෙම සඳහනක්‌ තිබෙනවා නම් එය තිබෙන්නේ කුමන පිටුවේද කියා පෙන්වන ලෙස අභියෝග කරනවා …

වාර්තාවේ 915 පිටුවේ වැදගත් සඳහනක්‌ තිබෙනවා. 2008 සහ 2014 අතර කාලයේදී සෘජු තැන්පතු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේදී අයථා කටයුතු සිදුවීමට ඉඩ තිබුණ බවට සාධක තිබෙන බවත් එම නිසා වෝහාරික විගණනයක්‌ කර එවැනි දෙයක්‌ සිදුවී තිබේ නම් ඊට වගකිව යුතු මහ බැංකුවේ නිලධාරීන් හෝ ප්‍රාථමික තැරැව්කරුවන් හෝ වෙනත් අය හඳුනා ගෙන සිදුවී ඇති අලාභය ගණනය කරන්න කියා…

ප්‍රාථමික තැරැව්කරුවන්ගෙන් අල්ලස් ලබා ගෙන සංවේදී අභ්‍යන්තර තොරතුරු ලබා දීම වැනි අකටයුතු කම් මේ කාලයේ සමහර නිළධාරින් කර තිබෙන නිසා එම යුගයේත් සමහර නිලධාරීන් එසේ කටයුතු කරන්නට ඉඩ ඇතැයි කියන සාධාරන සැකය මතයි මේ 11 වන නිර්දේශයක් ලබාදී තිබෙන්නේ.

ඒ හැරුණු විට රාජපක්ෂ යුගයේ දී බිලියන 4,000ක බැඳුම්කර වංචාවක් සිදු වුණා කියා බැඳුම්කර කොමිෂන් වාර්තාවේ කිසිම සඳහනක් කර නොමැතිබව අපි ඉතා වගකීමේන් ප්‍රකාශ කරනවා.”

කෙසේවුවද ජනාධිපතිවරයා ඊයේ (22) පස්වරුවේ මහනුවර මධ්‍යම පළාත් පොදු වෙළෙද සංකීර්ණය ඉදිරිපිට පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේ, මහ බැංකු බැ`දුම්කර වාර්තාව පිළිබද කුමන අන්දමින් කතා කළත් මහා ම මංකොල්ලය සිදුව ඇත්තේ 2008 වසරේ සිට බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පෙන්වා දී තිබෙන බවයි

Related posts

පිටිකළ අලිගැට පේර – වට්ටක්කා අපනයනයට පියවර

colombotoday

කොරෝනා වයිරසයේ ගෝලීය පැතිරීම වේගවත් වෙලා

colombotoday

අවාරයේ, රෑ සිරිපා වන්දනාව තහනම්..! රෑට ගිහින් ජාතිවාදය අවුස්සනවලු..

colombotoday

බෙහෙත් නොදී යාච්ඤා කරයි. – දරුවෙක් මියයයි. මව්පියන් අත්අඩංගුවට.

colombotoday

Bodu Bala Sena: දැයම එක රොදකට සිව් හෙලේ මහ සඟ සමුළුව සජීවීව

colombotoday

“අස්ගිරි නාහිමිට, දඹලු විහාරයට බලපෑම් කිරීම වැරදියි“ – SB අගමැතිට, අකිලට එරෙහිව කට අරී

colombotoday