Colombo Today Local News

රටේ මත්පැන් බලපත්‍ර හිමි අයගෙන් සියයට 45ක් කාන්තාවන්

රටේ මත්පැන් බලපත්‍ර හිමි අයගෙන් සියයට 45ක පමණ ප්‍රමාණයක් කාන්තාවන් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කාන්තාවන්ට මත්පැන් අලෙවි සල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීම 1951 දී ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයකින් තහනම් කර ඇතත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයටම එකම අයිිතිවාසිකම් ලබාදී ඇත.

ඒ අනුව 1980 පමණ කාලයේ සිට අද දක්වාම කාන්තාවන් මත්පැන් නිෂ්පාදන ආයතනවල සේවයට යොදවා ඇති බවද වාර්තා වේ.
මත්පැන් බලපත්‍ර කාන්තාවන්ට දැනටත් ලබාදී ඇති අතර ඒවා බොහොමයක් දේශපාලන බලපෑම් මත ඔවුන්ගේ පවුලේ ඥාතින්ට ලබාදී ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. මීට අමතරව සැමියා මියයෑමෙන් පසු බිරිඳට සුරාබදු බලපත්‍රය හිමිවූ අවස්ථා ඇති බවද ඔහු කීය.

Related posts

මානව හිමිකම් කුමාරයා දිවයිනට.. “හමුදාව දංගෙඩියට යවන්න අප ඉඩ දෙන්නේ නෑ“ කොළඹ අද විරෝධතා!

colombotoday

රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් ගැටෙයි

colombotoday

අසාද් සාලි චෝදනාවලින් නිදොස් කොට නිදහස්

colombotoday

අර්බුදය එක් අයවැයකින් විසඳන්න බෑ…

Admin

නීති විරෝධී ලෙස බෝට්ටුවලින් ලංකාවට පැන එන ඕනෑම අයෙක් ජාත්‍යන්තර මුහුදට එලවා දමයි

colombotoday

අමල් පෙරේරා බේරා ගැනීමට උදුල් ප්‍රේමරත්න ඉදිරිපත් වෙයි

colombotoday