Colombo Today Local NewsColombo Today Sports News

2017 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි – ICCයෙන් පිදුම් ලබයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අවසන් වූ 2017 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශ්ෂ්ටතමයන් නම් කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ ඉන්දියානු නායක විරාත් කෝලි ය.

විරාත්‌ කෝලි මීට අමතරව වසරේ එක්‌දින ක්‍රීඩකයා වශයෙන්ද සම්මාන දිනා ගත්තේය. වසරේ ටෙස්‌ට්‌ ක්‍රීඩකයා ලෙස ඔස්‌ටේ්‍රලියානු නායක ස්‌ටීව් ස්‌මිත් නම් කෙරුණු අතර වසරේ විස්‌සයි විස්‌ස ක්‍රීඩකයා වශයෙන් ඉන්දීය දඟ පන්දු යවන යුශ්වේන්ද්‍ර චාහල් සම්මාන දිනා ගත්තේය.

වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස පාකිස්‌තානයේ වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී නම් කෙරුණි. 2017 අයි. සී. සී. හොඳම ක්‍රීඩක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයකුට සම්මාන හිමි නොවුන අතර වසරේ ටෙස්‌ට්‌ සහ එක්‌දින කණ්‌ඩායමටද මෙරටින් ක්‍රීඩකයකු ඇතුළත් නොවුණි.

වසරේ ක්‍රිකට්‌ විනිසුරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික මරේ එරයිස්‌මස්‌ සම්මාන දිනා ගත්තේය.

Related posts

මටත් පක්ෂය හිරිහැර කළා. ඔබටත් හිරිහැර කළා. – රවී කරුණනායක පවසයි

colombotoday

කොරෝනා අසාදිත “බාබර්”ගෙන් කොණ්ඩය කැපූ 60කගේ කොරෝනා පරීක්ෂා කෙරේ

colombotoday

ලංකා තරඟ සංචාරය අභියස තවත් බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට කොරෝනා

colombotoday

බොරු චෝදනා මත සිරගතකර සිටින රණවිරුවන්ට නිදහස ඉල්ලා මහ සගරුවන සත්‍යග්‍රහයේ

colombotoday

වරාය සමග තවත් අක්කර 110ක් නොමිළේම චීනයට !

colombotoday

2022 වසරේ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය පොහෝ දා

Admin