Colombo Today Local News

රනිල් ජනපති කර එජාප ආණ්ඩුවක් හැදීමට සූදානම්.. එජාප කෘත්‍යාධිකාරිය හදිසියේ රැස්වෙයි..

එක්සත් ජාතික පක්ෂය සමග තවත් ආණ්ඩුව කරගෙන යෑමට ජනාධිපතිවරයා අකමැති නම් වහාම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙස එජාප පසුපෙළ මන්ත්‍රීන් විසින් එජාප නායකත්වයට දැඩි ලෙස බලපෑම් කරමින් සිටිතැයි මාධ්‍ය වාර්තා පලවෙයි.

එජාපය දෙසින් එල්ල කරන විවේචන වලට විරෝධය පා ඊයේ 16 දා පැවති කැබිනට් රැස්වීමෙන් ජනාධිපතිවරයා නැගිට යෑමෙන් පසු මෙම බලපෑම් තවත් වැඩිවී ඇති බවද පැවසෙන අතර පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් හෙට (17) දිනයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්චාවක් කැදවා ඇත.

ජනාධිපතිවරයාට ධුරය දරන්නට බැරි නම් ඉන්ද ඉල්ලා අස්වන ලෙසත් ව්‍යවස්ථානුකූලව ඉතිරි ධුර කාලය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බාර ගැනීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා දිගින් දිගටම විවේචනය කරන ලද එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු සදහන් කර ඇතැයිද වාර්තා පලවෙයි.

Related posts

ආබාධිත හමුදා සෙබළුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා අයවැයෙන් මුදල් වෙන්කර නෑ

colombotoday

පාතාල නායක ‘කුඩු නුවන්‘ අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday

ඩීසල් මිල වැඩි වුනත් බස් ගාස්තු සංශෝධනයක් නෑ..

Admin

චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමේ තීරණයක්

colombotoday

දින 11 ක් තිබූ ඩීසල් නැව නිදහස් කරගනී

colombotoday

නාමල් පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් – විමල් වීරවංශ

Admin