එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ට විරුද්ධව කරන ප්රකාශවලට දැඩි විරෝධය පළ කර ජනපති මෛත්රිපාල සිරිසේන මහතා අද(16) පැවැති කැබිනට් රැස්වීමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තාවේ.
විවේචනය කිරීම නතර නොකරන්නේ නම් තනියෙන් ආණ්ඩුවක් හදාගන්නා ලෙසද ජනාධිපතිවරයා පවසා ඇති බවත්, ජනාධිපතිවරයාගේ මෙම හදිසි නැගිට යාමෙන් පසු අගමැතිවරයා ජනාධිපතිවරයාගේ නිල කාර්යාල කාමරයට ගොස් ඔහු කැදවාගෙන ආ බවද පුවත් වාර්තාවන්හි දැක්වෙයි.