Colombo Today Local News

එජාපය පික්පොකට් ගැහුවේ වතු කම්කරුවන්ගේ අර්ථසාධකයයි

එක්සත් ජාතික පක්ෂය වතුකම්කරුවන්ගේ අර්ථසාධකය පවා හොරකම් කර ඇතැයි බැඳුම්කර කොමිසම් වාර්තාවෙන් ආනාවරණ වූ බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පසුගිය 14 වන දින හාලිඇල පැවති ජනහමුවකදී පැවසීය. දැන් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයාට චෝදනා කරමින් සිටින්නේ ජනාධිපතිවරයාට සහය දුන් පක්ෂය බැඳුම්කර කොමිසම මඟින් හොරුන් බවට පත්කර ඇති බව යැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අනෙක් පසින් ජී.එල්.පීරිස් මහත්මයාගේ පක්ෂයේ අය ද චෝදනා කරන්නේ ඔවුන්ට විරුද්ධවත් කොමිසමක් පත්කර ඔවුන්ද හොරුන් බවට පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව යැයි ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව කොළද,නිල්ද යන භේදයකින් තොරව ජනාධිපතිවරයා හොරු ඇල්ලීම ආරම්භ කර ඇති හෙයින් ජනාතාවගේ තේරීම විය යුත්තේ ජනාධිපතිවරයා නායකත්වය දෙන කණ්ඩායම බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

ෂොපින් බෑග් එකක් අරං ආපු රිෂාඩ් කෝටිපතියෙක් වුණ හැටි

colombotoday

දින 100 වැඩපිළිවෙල මං දන්නේ නෑ කියා මං කීවේ නෑ – ජනපති

colombotoday

සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවටත් බාහිර පුද්ගලයින් පැමිණීම අත්හිටුවයි

colombotoday

මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව පමාවෙයි

Admin

අද සිට බස් ගාස්තු ඉහළට

colombotoday

නිල ඇඳුම් තිළිණපත්වල වටිනාකම අඩුකර නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය

colombotoday