Colombo Today Local News

ඇතැම් මුස්ලිම් පක්ෂ වැඩකරන්නේ රහසිගත න්‍යාය පත්‍රයන්ට – ඇමති ෆයිසර්ගෙන් හෙළිදරව්වක්

මෙරට සමහර මුස්ලිම් ලේබල් ගසාගත් දේශපාලන පක්ෂ ජනතාවට හොඳ මුහුණ පෙන්වමින් රහසිගත න්‍යාය පත්‍රයන්ට අනුව වැඩ කරමින් ජනතාව මුළාවේ දැමීමට උත්සාහ කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසයි. ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින බියගම ප්‍රදේශයේ අපේක්ෂකයෙකුගේ රැස්වීමකට සහභාගී වී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පලකළ අමාත්‍යවරයා කියා සිටියේ මෙම ජාතිවාදී සහ ආගම්වාදී මුස්ලිම් පක්ෂ ඉස්ලාම් ආගම විකුණාගෙන කමින් මහජනයා විශාල ලෙස රැවටීමකට ලක් කරන බවයි.
” ඉස්ලාම් ආගම විකුණමින් සිදු කරන දේශපාලනය කිසිදු වැඩකට නැති දේශපාලනයක්. ආගමක් කියන්නේ පෞද්ගලික දෙයක්. ආගම සහ දේශපාලනය පටලවා ගන්න හොද නෑ.” යි අමාත්‍යවරයා කියා සිටියේය. එහිදී අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ එවන් ජාතිවාදී මුස්ලිම් දේශපාලන පක්ෂ වලට ඡන්දය නොදෙන ලෙසය. එවන් පක්ෂ වලට ඡන්දය දීම මුස්ලිම් ජනයාගේම විනාශයට හේතුවන බවද ඔහු කියා සිටියේය.

පංචමි හේවාවිසෙන්ති

Related posts

නුවරඑළියේ නිවසකින් වෙඩි වැදී මිය ගිය අඹු සැමි යුවළක් හමු වෙයි

Admin

මැයි 31කට පෙර මැතිවරණය පවත්වන්න – ජනපති කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි

colombotoday

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ඉහළ යයි

Admin

ජනපති නිදහස් පක්ෂයෙන් අස්වේ. වැඩබලන සභාපති අමරවීර.

colombotoday

බදු පනතට එරෙහිව කළු සතියක්

Admin

ඒ නවය මාර්ගය දඹුල්ලෙන් වහසා ගොවීන් විරෝධයක

colombotoday