Colombo Today Local News

අවම බලයෙන් එ.ජා.ප. මන්ත්‍රීන් මට්ටු කළා – මරික්කාර්ලාගේ කණ පලපු හැටි ලොකුගේ පැහැදිළි කරයි

අවම බලය යොදා පාර්ලිමේන්තුවේදී ප්‍රචන්ඩකාරී ලෙස හැසිරුණු එජාප මන්ත්‍රීවරුන් මෙල්ල කිරීමට සිදුවූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී එජාප හා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුව ගැන බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

“අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව කැඳවා තිබුණේ බැඳුම්කර කොමිසමේ වාර්තාවේ අන්තර්ගත කරුණු අනුව පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නයි. නමුත් අපි පාර්ලිමේන්තුවට යනවිට අපේ මේසය මත ඒ වාර්තාව තිබුණේ නෑ. අපි පාර්ලිමේන්තුවට යද්දී අපේ මේසය මත ඒ වාර්තාව තිබුණා නම් ඒ ගැන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරලා වෙනත් දිනයක විවාද කරන්නයි අපි සූදානම්ව සිටියේ.

ගාමිණී ලොකුගේ මහතා විසින් තමන්ට පහර දීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ කණ පැලෙන්න පහර දුන් බවට මාධ්‍ය වාර්තා පලවිය.

Related posts

බීමට දිය පොදක් ඉල්ලා පාරට බැස්ස, හිමිනමක් ඇතුළු 32ක් රිමාන්ඩ් !

colombotoday

UPDATE: ඇප හිමි වූ ඤාණසාර හිමි යළි රිමාන්ඩ්… සුදත්ත හිමිත් රිමාන්ඩ්

colombotoday

”තිලීපන් ගුණ සැමරුම” පැවැත්වු සිවාජිලිංගම් ට ඇප

colombotoday

කිඹුලාවල Street Food අලෙවිසැල් ඉවත්කරගන්න කියයි

Admin

දෙවන පාසල් වාරය අදින් අවසන්

Admin

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට පිටවීමට ඉඩ නොදෙනු. ජාත්‍යන්තර කොටි එක්සත් රාජධානියෙන් ඉල්ලයි

colombotoday