Colombo Today Local News

බැදුම්කර කොමිසමේ සාමාජිකයෙක්, බාල බීම විකුණා අසුවූ සමාගමක අධ්‍යක්ෂක තනතුරක් දැරූ අයෙක් !

මහබැංකුවේ සිදුවූ බැදුම්කර   වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කල ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස පත්කළ අයෙක් 2013 වසරේදී පාරිභෝගිකයන්ට ආහාරයට නුසුදුසු බීම අළෙවි කළ සමාගමක අධ්‍යක්ෂ ධූරයක් දැරූ අයෙකු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියා සිටී.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ආදාල පුද්ගලයා ශේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත්කර ඇත්තේද පිළිගත් නිර්නායකයන්ට පටහැනිව බව එම ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

එම නිවේදනය පහත දැක්වේ.

මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිළිබදව විමර්ශනය කිරීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසමේ සාමාජිකයෙක් 2013 වසරේදී පාරිභෝගිකයන්ට ආහාරයට නුසුදුසු බීම අලෙවි කළ සමාගමක අධ්‍යක්ෂක තනතුරක් දැරෑ අයෙක්.

2013 වසරේ දී පාරිභෝගික අධිකාරිය විසින් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමට එරෙහිව නඩුවක් පැවරුවේය. (මහේස්ත්‍රාත් අධිකරණ කොටුව  නඩු අංක S/75660/13) එහි චෝදනාව නම් මිනිස් පරිභෝජනයට නුසුදුසු භාහිර අපද්‍රවයක් අඩංගු ලීටර් 1.5 ක් අඩංගු ක්‍රීම් සෝඩා බෝතලයක් නිෂ්පාදනය කර අලෙවි කිරීම මගින් නොමග යවන සුළු, රවටන සුළු පැවැත්මක නිරත වී ඇති බවයි. රස පරීක්ෂක වාර්තාව ඒ බව තහවුරු කර ඇත.

මෙරට මහා පරිමාණ සමාගම් වල නොසැලකිල්ල නිසා පාරිභෝගිකයන් කොපමණ පීඩා විදිනවාද යන්න අදාල නඩුව පැවරීමෙන්  මනාව පැහැදිලිවේ. මෙම නඩුවේ කරුණු පිලිබදව මෙන්ම මෙම නඩුවේ විත්තිකරුවන් පිලිබදව අවධානය යොමු කිරීමේදී වැදගත් කරුණු කිහිපයක් දැකගත හැක.

එනම් එම නඩුවේ හත්වන වගඋත්තරකරු වන සුජීව ප්‍රසන්න ජයවර්ධන වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණයේ  විනිසුරුවරයකි. 2016 ජුනි 16 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහු එම තනතුරට පත්කළේය. අප නීතියට අනුව ජනාධිපතිවරයාට ඕනෑම කෙනෙකු  ශ්‍රේෂ්ඨාධිකරණයේ  විනිසුරුවරයකු ලෙස පත්කළ හැක. එසේ කිරීම අන්දෝලනාත්මකය. 2014 සැප්තැම්බර් 21 පුවත්පතක පළවන  ලිපියක සදහන් වන්නේ

ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෑතකදී පත්කරනු ලැබූ මෑත පත්වීම්වලින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයකාරවරුන් පත්කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක හා ක්‍රියාවලියක්  අනුගමනය කළ යුතු අතර, කුසලතා සහ ජේෂ්ඨත්වය යන දෙකම නොසලකා හැරියහ. 17 වැනි සංශෝධනය අහෝසි කිරීමේ  විධිමත් ක්‍රියාවලියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති අතර, එම කාරණය බරපතල ලෙස සැලකිල්ලට ගෙන තිබේ.  පුද්ගලයන්  පත්කිරීමේදී තේරීම් නිර්ණායකයන් නියම කර ඇති පුද්ගලයා විසින් නිර්දෝෂිභාවය පිළිබඳ නිවැරදි තොරතුරක් ඇති බව තහවුරු කර ගත යුතු අතර, එය නොසෙල්විය හැකි චරිතයක් විය යුතුය. ඔහු (හෝ ඇය) ස්වාධීන විය යුතුය. එවැනි පුද්ගලයෙකුට අධිකරණ නිලධාරියෙකු, නිලධාරිළධාරියකු හෝ නිල නොවන නීතිවේදී සාමාජිකයෙකු හෝ නීතිවේදියකු ලෙස ඔප්පු කළ යුතුය.

එබඳු පත් කිරීම් සඳහා නිර්දේශිත ක්‍රියාමාර්ගය ද ජනාධිපති රාජපක්ෂ වෙත ලිපියක් BASL සභාපති ජයසූරියගේ ලිපියෙන් ලැයිස්තුගත කර ඇත. එහි සඳහන් කරුණු අතුරින  i)ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීමේදී ජනාධිපතිවරයා අගවිනිසුරුතුමිය, නීතිපතිවරයා, විපක්ෂ නායකවරයා සහ නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් විමසනු ඇත. ii) ශ්‍රේෂ්ඨාධිකරණයේ පත් කිරීම් සාමාන්‍යයෙන් අභියාචනාධිකරණයේ වත්මන් විනිසුරුවරුන්ගේ ජේෂ්ඨත්වය අනුව එම අධිකරණයේ සභාපතිවරයාගෙන් පටන් ගැනීමෙන් පැහැදිලිවම සාධාරණ හේතුවක් නොතිබුණි. iii) නිල තීරුවකින් පත්වීම් ලබා ගත යුත්තේ ජේෂ්ඨත්වය සහ අවුරුදු 30 කට වඩා වැඩි කාලයක් පුරුදු පුහුණු වූවන්ගේ නිල නොවන නීතිඥයින් මත පදනම් විය යුතුය. iv) අභියාචනාධිකරණයට පත්වීම් කළ යුත්තේ ජේෂ්ඨත්වය පදනම් කර ගත් ජේෂ්ඨ නීතිඥවරයකුගෙන් වන අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨත්වය හා අවම වශයෙන් 25 වසරක පුහුණුවකින් තොරව නිල නොවන නීතිඥ මණ්ඩලයෙන් පදනම් කරගත් නීතිඥ මණ්ඩලයෙන් විය යුතුය. යහපාලනය නංවාලීම, නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වෘත්තීය විනිසුරුවරුන්ගේ ප්‍රවර්ධනය සැලකිල්ලට ගැනිමට ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලු ශාඛා සංගම් සහ එහි සාමාජිකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිර්දේශ ඉදිරිපත් කර ඇති බව එම ලිපියේ සඳහන් වේ. නියෝජ්‍ය සභාපති ප්‍රසන්න ජයවර්ධන මහතාගේ අනු කමිටුවේ උප කමිටුවක් උප සභාපතිවරුන් කිහිප දෙනෙකු ඇතුළු ජේෂ්ඨ ජනාධිපති නීතිඥයන් ඇතුළු නිර්දේශ නීතිඥ සංගමය මෙම ඉල්ලීම කර ඇත.

දෙවන කරුණ වන්නේ මෙරට ආන්දෝලනාත්මකම බැංකු ගනුදෙණුව වන බැදුම්කර නිකුතුව පිළිබදව විමර්ශනය කිරීමට පත්කරන ලද කොමිසමේ සාමාජිකයෙක්  ලෙස ප්‍රසන්න සුජීව ජයවර්ධන මහතා ජනාධිපතිවරයා විසින් පත්කිරීමයි.

මෙම කරුණු එකින් එක පැහැදිලි කර ගැනීම ජනතාව විසින් කරගත යුතු අතර යුක්තිය ඉටුවනවා පමණක්     නොව ඉටුවන බව පෙනෙන්නටද තිබිය යුතු බව පමණක් අපට කිව හැක.

  රංජිත් විතානගේ – සභාපති  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 

Related posts

බිලියන 50ක් රටට අහිමි කරමින් LNG බලාගාර ටෙන්ඩරය චීන සමාගමකට !

colombotoday

වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි : පවතින ලියාපදිංචිය වෙනස් කරන්න ගාස්තු ඉල්ලයි

Admin

පාර්ලිමේන්තුව හෙට කැදවනවා…

colombotoday

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි.. මුහුද රළුයි.. වැසි තද වෙයි

colombotoday

“මධුෂ්ලා ලග මත්ද‍්‍රව්‍ය තිබිලා නෑ, බීලා විතරයි, මං එයාලව බේරගන්නවා” – නීතිඥ උදුල් ප්‍රේමරත්න

colombotoday

දෙසැම්බර් 9වනදා පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දෙනවා – බැසිල්

colombotoday