Colombo Today Local News

දේශපාලන වාසි තකා මේ ආණ්ඩුවෙන් විවෘත නොකෙරේ.. බිලියන 7ක් වැයකර හැදූ හම්බන්තොට රෝහල කැළෑවට යයි !

පසුගිය රජය සමයේ රුපියල් බිලියන 7ක් වැයකර අති නවීන පහසුකම් සහිත හැදූ හම්බන්තොට රෝහල, ජනතා අයිතියට පත් කිරීමට වත්මන් ආණ්ඩුවේ බලධාරීන් කටයුතු නොකිරීම නිසා එම රෝහල් සංකීර්ණය විනාශයට පත්වෙමින් තිබේ.

මේ පිළිබදව ජ්‍යෙෂ්ඨ නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇත්තේ මෙවැනි සටහනකි.

අද දක්ෂිණ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ මා හට දුටු දේ අතර පටු දේශපාලන අරමුණු නිසා ජනතාවට අහිමි කර ඇති හම්බන්තොට නව රෝහල ඉතාමත් සංවේග ජනක දර්ශනයක් විය.

මෙය නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව රුපියල් බිලියන 7 ක් වියදම් කර ඉදිකර ඇති ඇඳන් 900 කින් යුත් නවීන රෝහලකි.

නමුත් රටක් හැටියට ශ්‍රී ලංකාව විනාශ කර ඇති මේ රටේ ක්‍රියාත්මක වන ඉතාමත් පහත් මට්ටමේ පක්ෂ දේශපාලන නිසා, අදටත් මෙම ජාතික රෝහල සිරිසේන-වික්‍රමසිංහ අක්‍රීය පාලනය විසින් ජනතාවට අහිමි කර අත් හැර දමා ඇත. මෙය සැබවින්ම බිහිසුණු අපරාධයකි.

රටේ ජනතාවට රට විනාශ කර ඇති අතිශයින් දුෂිත පක්ෂ දේශපාලනයේ කිසිදු වැදගත් කමක් නොතිබිය යුතුය. ජනතාව විසින් බල කාමයෙන් මත්ව අන්ධ වූ රාජපක්ෂ නෙරපා හැරීමෙන් පසුව, දුෂණය වංචාව නැතිකර නීතියේ ආධිපත්‍ය පිහිටුවන බවට ජනතාව සම්පුර්ණයෙන්ම වංචාවෙන් රවටා, බලයට පැමිණි සිරිසේන-වික්‍රමසිංහ රජය මෙම රෝහල විවුර්ත නොකර එය නොසලකා හැර සිටීම කිසිසේත්ම අනුමත කල නොහැක.

එය රාජපක්ෂ හෙළා දැකීමට චේතනාන්විතව කරන ක්‍රියාවක් බව බැලු බැල්මට පෙනී යන අතර මේ පහත් ක්‍රියාව ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනා කිසිදු පක්ෂ භේදයකින් තොරව තරයේ හෙලා දැකිය යුතුය. එසේම ජනතාවට අයත් මෙම නව රෝහල නොපමාව විවුත කිරීමට සිරිසේන-වික්‍රමසිංහ රජයට බල කල යුතුය.

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු – FB

Related posts

කොටි භාෂා පරිවර්තක ජෝජ් මාස්ටර් නිදහස්

colombotoday

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin

උද්ඝෝෂණ, වර්ජන මඩින්න ෆොන්සේකා යටතේ විශේෂ බළකායක් !

colombotoday

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ රැස්වීමට යන්න සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක්

Admin

‘අලුත් පරපුරට’ තඩි බෑ කමල් ඉන්දිකට ජනපතිගෙන් තෑගි.. සාලින්ද නෙරපා හිරියාල සංවිධායකකම දෙයි

colombotoday

බෙලිඅත්ත කෝච්චි පාර මහින්දගේවත්, අපේවත් අම්මගෙ තාත්තගෙ බූදලෙන් හදපු එකක් නෙවෙයි – ඇමති අර්ජුන

colombotoday