බැදුම්කර කොමිසම ඇතුළු ආන්දෝලනාත්ම පරීක්ෂණ කටයුතු ඉදිරියට මෙහෙයවීම නිසා ජනපතිට ජීවිත තර්ජන ඇතිව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
බැදුම්කර කොමිසම මගින් රෙදි ගැලවී ගිය බවත් අධිකරණයෙන් දඬුවම් ලැබුනත් නැතත් ජනතා අධිකරණයෙන් වරදකරුවනට දඬුවම් ලැබෙනු ඇති බවද ඔහු පැවසීය. මීලගට ශ්රි ලන්කන් එයාර් හා මිහින් ලංකා ගැන කොමිසමේ කටයුතු අරඹන බවත් එයිට මීට වඩා විශාල වංචා හෙලිවනු ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කලේය.