Colombo Today Local News

ධුරයෙන් ඉවත්වන්නැයි අගමැතිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දන්වයි !

ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සිදු කිරීම සදහා තමන්ට අනුබල දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ යැයි හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් කිය ඇති බැවින්, දූෂණ චෝදනාවලින් නිදහස්වීමට අගමැතිවරයාට නොහැකි බවත්, ඔහු සිය ධුරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

කොළඹ ඩාලි පාරේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයෝ මේ බව කියා සිටියහ.

එංගලන්තයේ කෝච්චියක් පෙරළුනත් අදාල ඇමතිවරයා ඉල්ලා අස්වන්නේ යයි වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය නිරතම අගය කරන එක්සත් ජාතික පක්‍ෂ නායකයා දැන් කල යුතු වන්නේ බැදුම්කර චෝදනාව අධිකරණය හමුවේ විභාග වී අවසන් වන තෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම බවද එහිදී අදහස් පල විය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක, හිටපු ඇමති පියසිරි විජේනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෝමවීර චන්ද්‍රසිරි යන පිරිස මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

Related posts

“වසර අවසානයට පෙර “එට්කා“ අත්සන් කරන්න මෝදි සමග එකග වුණා“ – අගමැති ඉන්දියාවේදී

colombotoday

“ලක්ෂයකින් ජීවත් වෙන්න පුළුවන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට.. තව දීමනා ඕන” ඇමති ලක්ෂ්මන්

colombotoday

ලබන සඳුදායින් පසු සති 2ක් මංගල ඇතුළු සියලු උත්සව අවලංගුයි

colombotoday

යුද හමුදා බස් රථයක් කැළණිය වනවාසලදී සීඝ්‍රගාමී දුම්රියක ගැටෙයි

colombotoday

කුණු ලොරිවලට පහරදුන්නැයි දෙදෙනෙක් වත්තලදී අත්අඩංගුවට

colombotoday

ඉෂාලිනිගේ දේහය ගොඩ ගනී

colombotoday