Colombo Today Local News

දේවස්ථානයට අගෞරවයක් කියා අහලකවත් බුදු පිළිම නොතබන්නැයි විරෝධතා !

මන්නාරම මඩු දේවස්ථානයට ඇතුළුවන තොරණ අභියස යුද හමුදාව විසින් බුදු මැදුරක් තැනීමට ගන්නා උත්සාහය වහාම නතර කරණ මෙන් මන්නාරමේ රාජ්‍ය නොවන සංවිධාන දෙකක් උතුරු පළාත් සභාවේ අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කොට තිබේ.

මෙම ස්ථානයේ අවන්හලක් පවත්වාගෙන යන යුද හමුදාව ඒ ඉදිරිපිට ඇති ගසක් මුල බුදු පිළිමයක් තැන්පත් කොට බුදු මැදුරක් තැනීමට කටයුතු කරගෙන යන බව පවසන මන්නාරමේ රාජ්‍ය නොවන සංවිධාන එම ස්ථානයේ එවැන්නක් සිදු කිරීම කිසිසේත්ම අනුමත කල නොහැක්කේ එය මඩු දේවස්ථානයට සිදුවන විශාල අගෞරවයක් නිසා බවද සදහන් කොට තිබේ.

දැනටමත් මෙම ස්ථානයේ වැදුම් පිදුම් කරණ තැනක් බවට යුද හමුදාව පත් කරගෙන සිටින බව පෙන්වා දෙන පුරවැසි කමිටුව සුප්‍රසිද්ධ කිතුණු දේවස්ථානයක් ඇති ස්ථානයක එවැන්නක් සිදු කිරීම අනුමත කළ නොහැකි බවද ලිපිය මගින් පෙන්වා දී තිබේ.

යුද හමුදාව විසින් උතුරේ තැනින් තැන බුදු පිළිම තැන්පත් කොට වැදුම් පිදුම් සිදු කොට ඔවුන් එම ස්ථාන වලින් ඉවත්ව යන විට බුදු පිළිම ඉවත් කරගෙන නොයෑම නිසා උද්ගත වන ගැටළු ජාතික මට්ටමේ ගැටළු බවට පත් වන බැවින් මෙම ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට පෙර එය නතර කරණ මෙන් උතුරු පළාත් සභාවෙන් ඉල්ලා ඇත.

Related posts

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

Admin

අගමැති හබය පාර්ලිමේන්තුවෙන් නොවිසදුනොත් ශ්‍රේෂ්ඨාධීකරණයට….

colombotoday

සිවිල් සංවිධාන සාමාජිකයන්ගෙන් සජබ මන්ත්‍රී කාවිංගට විරෝධයක්

Admin

“බන්ධුන ගුණවර්ධනලා එළියෙ බැන්නාට නව ව්‍යවස්ථාව සකසන්න සහය දෙනවා“- ලාල් විජේනායක

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday

යාපනයේ මනාප ලැයිස්තුව

colombotoday