Colombo Today Local News

බැඳුම්කර සිද්ධියට අදාල ආයතන කිසිවක් රවී යටතේ තිබී නෑ – කැකිල්ලේ තීන්දුවෙන් නඩු දැම්මත් රවී නිදහස් !

අසත්‍ය තොරුතුරු හා අල්ලස් චෝදනා යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට නඩු පැවරිය යුතු බවට බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පත්කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම නිර්දේශ කර තිබේන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (3) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව සිදුවූ වකවානුවේ මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා කටයුතු කල නමුත් මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු කිසිවක් ඔහු යටතේ තිබී නොමැති අතර මහ බැංකුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තිබී ඇත. රාජ්‍ය බැංකු සියල්ල තිබී ඇත්තේ අමාත්‍ය කබීර් හෂීම් මහතා යටතේය. ඒ අනුව අදාළ බැඳුම්කර නිකුතුව සඳහා බලපෑම් කිරීමට රවී කරුණානායක මහතාට හැකියාවක් තිබී නැති බවයි අමාත්‍යමණ්ඩල වාර්තා පෙන්වා දෙන්නේ.

චෝදනාවට ලක්වූ ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් “පෙන්ට් හවුස්” තට්ටු නිවෙසකට කුලිය ගෙවීම පිළිබඳ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වගකිව යුතු බවට කොමිසම නිර්දේශ කර තිබුනත් එම නිවසට ගෙවූ මුදල් හදිස්සි ණයක් වශයෙන් තමාගේ දියණියගේ මිතුරුකමක් මත ඇලෝසියස් පවුලෙන් ලබාගෙන එය යලිත් ගෙවාදැමු බවත් ඒ සඳහා අවශ්‍ය සාක්ෂි රවී කරුණානායක මහතා සතුවීම හේතුවෙන් ඔහුට එරෙහි අල්ලස් චෝදනාවෙන් නිදහස් වීම එතරම් අපහසුවක් තොරව සිදුවෙනු ඇති අතර අසත්‍ය සාක්ෂි දීමේ චෝදනාව ඒ සමගින් අහෝසි වනු ඇති බව නීති විශාරධයින් පෙන්වා දෙයි.

දේශපාලන කුමන්ත්‍රණ මත සිදුවෙන මෙම නාටක දෙස ජනතාව බලා සිටින විට අහස උසට බඩුමිල වැඩිවීම, රැකියා හිඟය ඇතුළු රටේ ප්‍රශ්න සීග්‍රයෙන් වැඩිවෙමින් පවතින අතර ජවනිකා අවසන්වූ විට ජනතාවට අහසේ තරු පෙනෙනු ඇත.

Related posts

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මුව ආවරණ යළි අනිවාර්ය කිරීමට සාකච්ඡා

colombotoday

අලුත් ආණ්ඩුවේ ඇමති මණ්ඩලය 10යි… හෙට දිවුරයි, ජනවාරි 01 විසුරැවා හැරේ….

colombotoday

උග්‍ර මන්දපෝෂණයෙන් ලංකාව දකුණු ආසියාවෙන් දෙකට එයි

colombotoday

ලොතරැයි පත් අලෙවිය සියයට 40කින් පහළට

colombotoday

රාජිත සෞඛ්‍ය අමාත්‍යාංශය අපයෝජනය කරලා “ඇමතිකමෙන් නෙරපනු” දොස්තර සංගමය වැඩ වර්ජණයක

colombotoday

අල්ලස් අරන් මාට්ටු වූ ලොක්කන් දෙදෙනාට අධිකරණය අද දුන් තීන්දුව

colombotoday