ද්‍රවිඩ සන්ධානය දෙකඩ කරමින් මීළඟ පළාත් සභා මැතිවරණයේදී උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් “උදය සූරියන්” පක්‍ෂය යටතේ තරග කිරීමට තීරණය කර ඇත.
මේ බව වන්නි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශිවශක්‌ති ආනන්දන් හෙළි කර තිබේ. වවුනියාවේ පැවැති රැස්‌වීමකදී ඔහු තවදුරටත් පැවසුවේ ලබන සැප්තැම්බර් මස පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවත් මාවයි සේනාධිරාජාට එරෙහිව විග්නේශ්වරන් මහ ඇමැතිධුරයට තරග කරන බවත්ය.
උතුරු මහ ඇමැතිවරයා එම තරගයෙන් ජය ගන්නා බවද ශිවශක්‌ති ආනන්දන් කීවේය.