Colombo Today Local News

“බයවෙන්න එපා.. රනිල්ගේ අගමැතිකමට තට්ටුවෙන්නේ නෑ” – අනුරගෙන් එජාප පාක්ෂිකයන්ට ඉල්ලීමක්

පසුගිය වසර තුන තුළ එක්සත් ජාතික පක්ෂය අනුගමනය කළ ප්‍රතිපත්තියට එකඟ නොවන බවට වන පණිවිඩය මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයන්ට ලබා දිය හැකි බවත් එක්සත් ජාතික පක්ෂයට ජන්දේ දුන්නේ නැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගමැතිකමට තට්ටු වෙන්නේ නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහනුවර කිරිබත්කුඹුර ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“බැඳුම්කර ගණුදෙනුව. මහ බැංකුවේ මෙතෙක් තිබුණ පොලී අනුපාතයකට වඩා වඩා වැඩි අනුපාතයකට බෑනාට බැඳුම්කරය දුන්නා. පර්පෙචුවල් සමාගම පත්තරේ දාලා කිව්වා ඒගොල්ලන්ගේ ලාභය රුපියල් කෝටි 530යි කියලා අවුරුද්දට. කෝටියකට තියෙනවා 1000 කොළ 10,000ක්. 1000 කොළ 500 බන්ඩල් ගැහුවොත් සාමාන්‍යයෙන් 500 කොළ බණ්ඩලයක් ගඩොල් කැටයක් වගේ වෙනවා. කෝටි 530ක් කියලා කියන්නේ ගඩොල් කැට 10,600ක්. ආන් ඒ වගේ ගඩොල් පෝරණු 2ක් වගේ සල්ලි ලාභයි අවුරුද්දට. මොකද මේ ජනතාවට කෝටි 500 කියන එක ඇගට දැනෙන්නේ නැහැ. දැන් පාරේ යනකොට මතක් වෙනවා අර්ජුනගේ ලාභය කියලා ගඩොල් පෝරණුවක් දැකපු හැටියේ. ඒ නිසා කවුරු හරි 2015 ජන්දය දුන්න නම් අලියට හොරකම නතර කරනවා කියලා නතර කළේ නැහැ.”

“ඒ නිසා දැන් දීලා වැඩක් නැහැ. මේ සැරේ එක්සත් ජාතික පක්ෂයට ජන්දයක් දුන්නොත් ගමේ කෙනෙක් ඉන්නේ, මොනවා වුණත් මල ගෙදර ආපු මහත්තයනේ, මුහුණ බලලා ජන්දේ නොදී ඉන්න බැහැ කියලා ජන්දයක් දුන්නොත් මොකද වෙන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඒ ජන්දෙන් ඒත්තුගන්නනවා බැඳුම්කර හොරකම ජනතාව අනුමත කර ඇත. ඒ නිසා ප්‍රාදේශීය සභාව අරගෙන සමුපකාර බැංකුවටත් වැඩක් දෙන්න ඕනේ. හම්බන්තොට වරාය විකුණපු එක ජනතාව අනුමත කොට ඇත. එහෙනම් කොළඹ වරායේත් නැගෙනහිර ජැටියත් විකුණන්න ඕනේ. ඔන්න ජන්දේ දුන්නොත් වෙන දේ. එක්සත් ජාතික පාක්ෂිකයා පාරේදී බනිනවා ආණ්ඩුවට. එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් මන් ඉල්ලා සිටින්නේ තමුන්නාන්සේලා මේ සැරේ පක්ෂේ අත් අරින්න බැරිනම්, පක්ෂෙම ඉන්න ඕනේ නම් මේ සැරේ එක්සත් ජාතික පක්ෂයට ජන්දේ දුන්නේ නැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගමැතිකමට තට්ටු වෙන්නේ නැහැ. තමුන්නාන්සේලාට පුළුවන් අවුරුදු 3ක් එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය අපි එකඟ නෑ කියන පණිවිඩය ජන්දෙදි දෙන්න පුළුවන්.”යැයිද වැඩිදුරටත් පැවසීය.

Related posts

යහපාලනය කජ්ජෙ ඉදන් රට කෑවා….

colombotoday

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday

එජාපයේ ලොකු වෙනසක්.. රෝසි හැලෙයි.. අනෝමා, අකිල, හරීන් පෙරට

colombotoday

අත්‍යාවශ්‍ය නැත්නම් පාස්පෝර්ට් ගන්න එන්න එපා

Admin

යුධ අපරාධ කළ අයට දඩුවම් දෙනවා.. නව ව්‍යවස්ථාවෙන් බලය බෙදීම ස්ථීරයි – චන්ද්‍රිකා

colombotoday

කොළඹට එන්න අදත් විශේෂ බස් සේවා

Admin