Colombo Today Local News

ජනපතිගේ ඔත්තුකරුවන් වැඩ අරඹයි.. පොහොට්ටු පුම්බන්න යන මන්ත්‍රීන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව වෙනත් දේශපාලන පක්ෂයක ප්‍රවර්ධන කටයුතුවල යෙදෙන සහ ඒ සදහා සහයෝගය දක්වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ නියෝජිතයන් පිරිසක් පත්කර ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග කියයි.

මෙම නියෝජිතයන් මේ වන විටිත් සිය විමර්ශන අරඹා ඇති අතර, වෙනත් දේශපාලන පක්ෂවල ප්‍රවර්ධන කටයුතුවලට දායක වන බවට තොරතුරු වාර්තා වුවහොත් ශ්‍රීලනිප මන්ත්‍රීන්ගෙන් නිදහට කරුණු නොවිමසාම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ඉකුත් 22 වනදා රැස්වූ මධ්‍යම කාරක සභාවේදී තීරණය වී ඇත.

මෙම විමර්ශන නිලධාරීන් විසින් දිස්ත්‍රික් මට්ටමින් සාක්ෂි සහිතව තොරතුරු ලබාදීමෙන් පසු සභාපතිවරයාට පවතින බලතල අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනු ඇති බව සදහන් වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 26 වෙනි වගන්තියේ අංක 1, 2 හා 3 යන අනු වගන්ති යටතේ සාමාජිකයන් මැතිවරණවලදී සහයෝගය දැක්විය යුතුය යන වගන්තිය කඩ කිරීම ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට බලපාන චෝදනාව වේ.

Related posts

සිංගප්පූරුව සමග වෙළද ගිවිසුමක්.. අත්සන් කරන්න අර්ජුන් සමග අගමැති යයි !

colombotoday

තාවකාලික වීසා වලින් ඇවිත් ඉන්දීය දොස්තරලා මෙරට වෛද්‍ය සේවයේ

colombotoday

ගෙලිඔය ඉන්ධනහලට ආ ඩීසල් බවුසරයේ වතුර… බවුසරය හරවා යවයි

colombotoday

සත්ව පාලනය සහ කිරි නිෂ්පාදනය ගැන ඉන්දියාව සමග ඒකාබද්ධ ගිවිසුමක්

Admin

එක්ස්ප්‍රස් පර්ල් වන්දි වංචාව ජනතා අවධානය වෙනතකට යොමු කරන්න ගෙතූ සුරංගනා කථාවක්ද?

Admin

ඉන්දියාවෙන් හා චීනයෙන් ගෙනා ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 34,000 ක් හමුවෙයි

colombotoday