Colombo Today Local News

ඒකාබද්ධයේ දෙදෙනෙකුත් අරන් කෙහෙළිය නැවතත් එජාපයට !!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළි එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් රඹුක්වැල්ල මහතා එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා සමග සාකච්ඡා කර තිබෙන බවත්, තමන් සමග ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙකුද එජාපයට කැදවාගෙන එන බවට ඔහු එජාප සභාපතිවරයාට පොරොන්දු වී ඇති බවත් එම මාධ්‍ය වාර්තා කියා සිටී.

කෙහෙළියගේ නැවත පැමිණීම සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගෙන් එල්ල වූ විරෝධය සමනය කර ගැනීම සදහා මීළග පාර්ලිමේන්තු මැතිවරණයේදී ලක්ෂමන් කිරිඇල්ල මහතාට ජාතික ලයිස්තුවේ අංක 1 ලබා දීමටත්, ඔහුගේ දියණිය චාමි කිරිඇල්ලට එළඹෙන පළාත් සභා මැතිවරණයේදී අපෙක්ෂකත්වය ලබා දීමටත් එජාපය පොරොන්දු වී ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී.

Related posts

පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයෙන් අපේක්ෂිත ඇප ඉල්ලයි

colombotoday

සුනිල් හඳුන්නෙත්තිගේ පාර්ලිමේන්තු සිහිනය මාතරින් බොඳවෙයි

colombotoday

වැලිකඩ බන්ධනාගාරයට ඉගිළෙන තහනම් පාර්සල්

colombotoday

රුසියාවෙන් යුක්රේනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි

Admin

පාර්ලිමේන්තුව නොවැම්බර් 05 කැඳවීමට ජනපති තීරණය කරයි…

colombotoday