Colombo Today Local News

යාපනය නාග විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එරෙහිව උසාවි යයි !

අපවත්වී වදාළ යාපනය නාග විහාරධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක මීගහජඳුරේ ඥානරතන නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ යාපනය කොටුව අසල පිහිටි මහජන ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට එරෙහිව ගොනුකළ පෙත්සම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම දේහය ආදාහනය කරන ස්ථානයේදී දමිළ විශ්ලේෂණ සමුළුවේදී ඝාතනය කරන ලද සාමාජිකයන් සිහිවීම පිණිස ස්මාරකයක් ඉදිකර ඇති අතර එම ස්ථානයේ කෝවිලක්ද පිහිටා තිබෙන බව පවසමින් ප්‍රදේශයේ සිවිල් සංවිධාන විසින් විරෝධය පළ කර තිබිණි.

කෝවිල සහ ස්මාරකය පවතින එම ස්ථානයේ ආදාහන පුජෝත්සවය නොපවත්වන ලෙස ප්‍රදේශයේ සිවිල් සංවිධාන විසින් යාපනය නගර සභාවට හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතාට ලිපියක් යවා තිබූ අතර යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයටද පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කෙසේ නමුත් පෙත්සම අද විභාගයටගත් අවස්ථාවේදී යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු එස්.සදීශ්කරන් මහතා විසින් එම පෙත්සම ප්‍රතික්ෂේප කර එම ස්ථානයේම ආදාහන පූජෝත්සවය පවත්වන ලෙස නියෝග කර තිබේ.

Adaderana

Related posts

කණ්ඩායම් වගකීම චරිත්ට

Admin

ලංකාවේ සියලු මාර්ග නාම පුවරු සිංහල දමිළ හා ඉංග්‍රීසි නම්වලින් පමණයි

colombotoday

විදෙස් රටක ඩ්‍රෝන යානයක් ත්‍රිකුණාමල මුහුදේ

Admin

ශ්‍රී ලංකා හමුදාව පෝරකයට ගෙනියන්න හැදු ලීනා අධිකරණයේදී වැරදිකාරිය වේ

colombotoday

ක්‍රීඩාපිටියක දෙමළ පාසලක් හදන්න ගිය ජෝන් ඇමතිට, වත්තලදී පන්නා පන්නා හූ කියයි !

colombotoday

පාසැල් ක්‍රීඩා යළි අරඹන්න සුදානම් – ක්‍රීඩා ඇමති

colombotoday