Colombo Today Local News

වංගු දමා පරීක්ෂණ සමත් කරවයි… බාල ඉන්ධන තොගය ගොඩබෑමට සූදානම් !!

ඉන්දීය තෙල් සමාගම මගින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඉන්දියාවෙන් ගෙන්වන ලද පළමු පරික්ෂාවෙන් අසම වූ ගුවන් යානා ඉන්ධන තොගය ගොඩබෑමට සූදානම්වන බවට එහි වෘත්තීය සමිති චෝදනා කර සිටී.

එම ඉන්ධන තොගයේ දෙවැනි පරික්ෂාව සපුගස්කන්ද තෙල් පිරිපහදු පරීක්ෂණාගාරයේදී පෙරේදා (16) සිදු කර ඇති අතර එම පරික්ෂාවෙන්ද එහි ප්‍රමිතිය බාල බව ඔප්පුවුවද ඛනිජ තෙල් ඉහල පාලනාධිකාරියෙන් එල්ලවූ බල පෑමක් හේතුවෙන් එම පරීක්ෂණ වාර්තාව වෙනස් කර ඇති බවට ද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

හිටපු අමාත්‍ය ස්වර්ණ ගුණවර්ධන මහතාගේ ඥාතියකු මේ වාර්තා වෙනස් කිරීමට බලපෑම් කිරීමට සම්බන්ධ බවද මේ අතර වාර්තා වේ.

දෙවැනි පරික්ෂාවට අදාළ ඉන්ධන නියැදිය ලබාගෙන ඇත්තේ ඊයේ අළුයම 4.00ට පමණය ඒ අවස්ථාවේදී අදාළ නැව පනදුරේට සැතැපුම් 20 ක් පමණ දුරින් මුහුදේ නැංගුරම් ලා තිබූ බව පැවසේ.

කෙසේවුවද, අදාළ ඉන්ධන වල රොඩු තිබීම එම ඉන්ධන තොගය ප්‍රතික්ෂේප විමට හේතුවී තිබූ අතර, මේව විට එම නැවෙන් ගෙනා ඉන්ධන තොගයෙන් මෙට්‍රික් ටොන් 7,000ක් පමණ අඩුවී ඇති බවද වාර්තා වේ.

එසේ ඉන්ධන අඩුව ඇත්තේ රොඩු තිබූ අදාළ ටැංකිවල ඉන්ධන මුහුදට හැලීම නිසා බවටද සැකයක් මේවන විට මතුව ඇතැයි පැවසේ.

Related posts

විල්පත්තුව වැනසූ කටාරයෙන්, ශ්‍රී ලංකාවට අංග සම්පූර්ණ නගරයක් !

colombotoday

16 කණ්ඩායම ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ බලය අල්ලයි.. මීළග පාර්ලිමේන්තු දිනයේ නොසිතන පෙරළියක්

colombotoday

අපිට රට හදන්න බැරිනම් වෙන කාටවත් බෑ

Admin

තවුහිත් ජමාත් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙක් අත්අඩංගුවට

colombotoday

මාදම්පේ ජනතාවගේ දේව කන්නලව්ව

colombotoday

බියර් කන්ටේනරයක් ටයිල් ලොරියක ගැටෙයි

colombotoday