Colombo Today Local News

විදුලියත් අඛණ්ඩ වැඩ වර්ජනයක…?

ලංකා විදුලිබල මණ්ඩලය තුළ පවතින නීති විරෝධී ‘ඊ-ස්කේල්’ වැටුප් තලය සඳහා අද (12දා) දිනයේ කැබිනට් අනුමැතිය හිමි වුවහොත් ලං.වි.ම. ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා කටයුතු සූදානම් කර ඇතැයි එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිසකට නීති විරෝධී ලෙස 60% සිට 120% දක්වා වැටුප් වැඩි කර ගැනීමක් 2014 වර්ෂයේ සිදුවූ බවත් ඒ හේතුවෙන් මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවූ අගතිය රුපියල් කෝටි 225ක් බවද ඔහු පැවැසීය.

මීට විරුද්ධව පසුගිය සැප්තැම්බර් මාසයේ දින 7 1/2ක වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට ලං.වි.ම. වෘත්තීය සමිති අවතීර්ණ වූ බවත් වැඩ වර්ජනය අවසන් කිරීම සඳහා එකඟ වූ එකඟතා බිඳිමින් එම 12(1) ගිවිසුම කඩ කරමින් පාලනාධිකාරිය කටයුතු කරන බවද හෙතෙම චෝදනා නැඟීය.

මේ වන විට එම වර්ජනයට සහභාගි වූ සියලු සේවකයන්ගේ ප්‍රසාද දීමනා කප්පාදු කර ඇති බවත් සේවකයන් වසරක් තුළදී ඉතිරි කරගත් වෛද්‍ය දීමනා කප්පාදු කර ඇති බවත් ඔහු පැවැසුවේය.

ලං.වි.ම. තුළ ස්ථාපිත කරගත් නීති විරෝධී වැටුප් තලයට නිලභාවය නොදෙන ලෙසත්, සේවක ප්‍රසාද දීමනා, වෛද්‍ය දීමනා හා අතිකාල දීමනා කප්පාදුවකින් තොරව ගෙවන ලෙසත් ඉල්ලා ලං.වි.ම. ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඊයේ (11දා) දිනයේ අඛණ්ඩ උපවාසයකට ලං.වි.ම. මූලස්ථානය ඉදිරිපිටදී අවතීර්ණ වූ අතර අද (12දා) රට පුරා සියලු විදුලි වැඩබිම්වල සේවකයන් රාජකාරිවලින් ඉවත් වී වැඩබිම්හි රැඳී සිටින බවත් ඔහු පැවැසුවේය.

අද (12දා) දිනයේ පැවැත්වෙන අ.පො.ස. සා.පෙළට මුහුණ දෙන දරුවන් පිළිබඳ අවධානය යොමු කොට විදුලිය විසන්ධි වීම් වළක්වා ගන්නා ලෙස සිය වෘත්තීය සමිති සේවකයන් හට දන්වා ඇති නමුත් සිය ඉල්ලීම් කෙරෙහි රජය නිසි අවධානයක් යොමු නොකළහොත් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් දක්වා මේ තත්ත්වය රැගෙන යන බවද හෙතෙම පැවැසීය.

උපවාසය, වෘත්තීය ක්‍රියාමාර්ග හා දියත් කිරීමට නියමිත අඛණ්ඩ වැඩ වර්ජනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික සේවක සංගමය හා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයද සහාය දක්වන බව එම වෘත්තීය සමිති නියෝජිතයන් අප හා පැවැසුවේය.

ඡායා – සජීව චින්තක කහඳගමගේ

Related posts

බොරතෙල් මිල ඉහළට

colombotoday

ඉඩම් ඔප්පු ලියාපදිංචිය Online ක්‍රමයට

Admin

රථවාහන වැරදි සදහා රු 25000 දඩය නැවත එයි…

colombotoday

ශ්‍රී ලංකාවේ “මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයට කලින් ඉල්ලන්නේ තුන් වේල කන පිළිවෙලක්” – මුත්තයියා මුරලිදරන්

colombotoday

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday

රනිල්ට 85%ක් අරගෙන දෙනවා

Admin