Colombo Today Local News

වැඩට නොආ දුම්රිය සේවකයන් ඉවතට

වර්ජනයේ නියැළී සියලුම දුම්රිය සේවකයන්ට ඊයේ (11දා) වනවිට සේවයට වාර්තා කරන ලෙස දුම්රිය මූලස්ථානය කළ නිවේදනයට අනුව සේවයට වාර්තා නොකළ සියලුම සේවකයන් සේවය අතහැර ගිය අය ලෙස සලකා ඔවුන්ට දන්වා යැවීමේ ලිපි සකස් කිරීම ඊයේ සවස ආරම්භ කළ බව දුම්රිය මූලස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ අතර විශ්‍රාමික දුම්රිය රියැදුරන් ස්ථානාධිපතිවරුන්, නියාමකයන් සේවයට කැඳවා ගැනීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් එම නිවෙස්වලට පිටත්කර හැරියද වර්ජකයන්ගේ බලපෑම මත ඔවුන් කිසිවෙක් සේවයට වාර්තා නොකළ බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

දුම්රිය එන්ජින් රියැදුරන් හා සහායක රියැදුරන් 15කට පමණ පිරිසකට ඔවුන්ගේ හැකියාවන් පරීක්ෂා කර පත්වීම ලිපි ලබාදී සේවයට යෙදවීම සඳහා අවශ්‍ය කටයුතු ඊයේ සවස ආරම්භ කළ බවත් එම දුම්රියවල නියාමක රාජකාරි කටයුතු සහකාර රියැදුරන්ට පවරන බවත් ඔහු සඳහන් කළේය.

Related posts

2022 උසස් පෙළ ප්‍රතිඵල අද

Admin

උතුරේ බෞද්ධ සංහාරය සහ කොටි කුලප්පුවට එරෙහිව ප්‍රසන්න ජනපතිට ලියයි

colombotoday

මහින්දව පරාජය කළ අපට ගෝඨාභය ගේමක් නෙවෙයි – පී. හැරිසන්

colombotoday

වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ භාවිතය සීමා කරන්න ඕන – රුපියල ගොඩගන්න හැටි මුදල් ඇමති කියයි

colombotoday

දුමින්ද, ලසන්ත, මහින්ද ඉවත් කිරීමට විරුද්ධව අතුරු තහනමක්

Admin

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්….

colombotoday