Colombo Today Local News

“අක්බාර්ටවුන්” යළි “එඩෙරමුල්ල” කරන්න ප්‍රතිපාදන නෑ – ෆයිසර්ගේ අමාත්‍යාංශය නිවේදනය කරයි

ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අංක 31 අක්බාර් ටවුන් ග්‍රාම නිලධාරී වසම “අක්බාර් ටවුන් ඡන්ද කොට්ටාසය“ ලෙස නම් කිරීමට සීමා නීර්ණ කමිටුව ගෙන ඇති පියවර වෙනස් කිරීමට හෝ සංශෝධනය කිරීමට පළාත් පාලන ඇමතිවරයාට නීත්‍යානුකූලව කිසිදු ප්‍රතිපාදනයක් නැතැයි එම අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනයක් මගින් කියා සිටී.

දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්වරයා, දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රධාන කමිටු නිර්දේශ මත “අක්බාර් ටවුන්“ නව ආසනය ප්‍රකාශයට පත්කර ඇති බවද එම නිවේදනයේ සදහන් වේ.

මෙම කෝට්ඨාසය පිළිබදව ඉල්ලීමක් ලැබුණු පසුව අදාළ පාර්ශවකරුවන්ගේ නිර්දේශ ලබාගෙන අවශ්‍ය නීත්‍යානුකූල කටයුතු සිදුකල හැකි බවද අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතාගේ අත්සනින් නිකුක් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් එඩේරමුල්ල දකුණ, එඩේරමුල්ල නැගෙනහිර, පින්නමැද බටහිර, අක්බාර් ටවුන් යන ග්‍රාම නිලධාරී වසම් අලුතෙන් පිහිටවූ “අක්බාර් ටවුන්” ඡන්ද කොට්ඨාසයට අතුළත් කර ගැසට් කිරීම පිළිබදව ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් මේ වන විට එල්ල වී තිබේ.

Related posts

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

Admin

ෆොන් එක කනේ තියන් ගිය ආබාධිත තරුණ‍යෙකුගේ කන කපලා

Admin

ව්‍යවස්ථාව උල්ලංගණය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

පැරදුනු රනිල් පාර්ලිමේන්තුවට ගේන්න ගේමක් – සමගි ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

17 වෙනිදා ගෝඨා දිනනවා, ඊට පසුවදාම අපි ඇමතිලා වෙනවා – SB

colombotoday

අද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක ස්ථාන

colombotoday