Colombo Today Local News

රටේ නායකයා රජ රටින්.. හාල් පිටරටින් !

බැඳුම්කර වංචාවට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පෙරේදා (05දා) පොළොන්නරුවේ පැවැති ජනහමුවකදී පැවැසීය.

එහිදී නාමල් රාජපක්ෂ මහතා මෙසේ කීය.

“මේ ආණ්ඩුව පත්වෙලා අවුරුදු තුනයි. හැබැයි අදත් ආණ්ඩුවේ හැම ඇමැතිවරයෙක්ම ඕනෑම කතාවක් පටන්ගන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට බැනලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කතා පටන් ගන්නේද මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතිහාසයේ වැරැදි පවසමින්. ඒ වගේම කතාව අවසන් කරන්නේ අගමැතිට බැනලා.

එක්සත් ජාතික පක්ෂයේ අය කතාව අවසන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිට බැනලා. කෝ ප්‍රතිපත්ති. කෝ වැඩපිළිවෙළක්. රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කොහෙද වෙලාවක් තියෙන්නේ. අගමැතිතුමාගේ අය ජනාධිපතිතුමාට බනිනවා. ජනාධිපතිතුමාගේ අය අගමැතිතුමාට බනිනවා. අගමැතිතුමා බැඳුම්කරේ පරණ ඒවා හොයන්න ඕන කියනවා. ජනාධිපතිතුමා කියනවා අලුත් හොරු ටික හිරේ දාන්න ඕන කියලා.

අගමැතිතුමාගේ අය කියනවා නැව් ගත්ත බෑනත්, ඇඩ්වටයිසින් කරන දුවත්, නයිට් ක්ලබ් කුඩු කරපු පුතත් හිරේ දාන්න ඕන කියලා. දැන් මොකක්ද මෙතැන වෙන්නේ. රටේ නායකයෝ දෙන්නා දෙපැත්තට ඇදගන්නවා. රටක් දියුණු වෙයිද..?

අද කියන්නත් ලැජ්ජයි. නායකයා බිහිවුණේ රජරටින්. හැබැයි බත් කන්නේ පිටරටින් ගෙනල්ලා. අපිව හිරේ දැම්මා කියලා එතුමාට අපට මඩ ගහන්න පුළුවන්කමක් නැහැ.

එතුමාම කරගන්න ඕන හරිය කරගන්නවා. එතුමා කියනවා කොළේ ඉරලා ඇඟේ ගාගත්තා කියලා. අගමැති කියනවා කොළේ ඉරලා හත් පොළේම ගාගත්තා කියලා. මේ දෙන්නටම අමතක වෙලා මේ දෙන්නම ආණ්ඩුවේ කියලා. ආණ්ඩුවේ වෙන හැම දේකටම මේ දෙන්න වගකියන්න ඕන. බැඳුම්කර වංචාවට ජනාධිපතිත් වගකියන්න ඕන. අගමැතිත් වගකියන්න ඕන. මොකද මහ බැංකුව තිබ්බේ අගමැති යටතේ. මහ බැංකුවේ අධිපති විදියට ගැසට් කරලා ඇලෝසියස්ගේ මාමණ්ඩිව පත්කළේ ජනාධිපති. පත්වීමේ ලියුම ගැහුවේ අපිද..? එහෙමනම් ඒ ලියුම ගහපු ජනාධිපතිත් වගකියන්න ඕන.

Related posts

පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් හිමිනමක් අපවත්වෙති

colombotoday

බහුජාතික සමාගම්වලට අසීමිත බදු සහන.. රටේ ආර්ථිකය හාන්සියි.. දේශීය ව්‍යාපාරිකයෝ ජනපතිට ලියයි

colombotoday

හිටපු ජනපති මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday

ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

කොත්තුවයි බත් පැකට් එකයි සියයට 20කින් ඉහළට

colombotoday

යාපනයෙදී කඩු ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් 6දෙනෙකු අත්අඩංගුවට

colombotoday