Colombo Today Local News

සිංහල සිසු නේවාසිකාගාරවලත් ප්‍රභාකරන් සමරයි.. යාපන සරසවියේ උණුසුම් තත්ත්වයක්

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය තුළ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට ගිය අවස්ථාවේදී සිංහල සහ දෙමළ සිසුන් අතර නොසන්ස්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

නොවැම්බර් 26 රාත්‍රි 7ට පමණ සිංහල සිසුන් බහුතරයක් සිටින නේවාසිකාගාර තුළ, දෙමළ සිසුන් ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට උත්සාහා කිරීමත් සමග මෙම තත්වය හටගෙන ඇති අතර, ගැටුම දුරදිග යාමෙන් සිංහල සිසුන්ට නේවාසිකාගාරය තුළ සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බව එම සිසුන් පවසයි.

ආරක්ෂාවට තර්ජන එල්ල වීම නිසා සිංහල සිසුන් එම නේවාසිකාගාරවලින් ඉවත්වී වව්නියාව නගරයේ මල්වත්ත පාරේ පිහිටි විශ්ව විද්‍යාල පරිපාලන කාර්යාලය වෙත පැමිණියද පාලන නිලධාරීන්ගේන් ඔවුන්ට සහනයක් සැලසී නොමැති බවද පැවසෙනවා.

මේ අතර වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත පෝස්ටර් යාපනය සරසවියේ ගොඩනැගිලිවල ප්‍රදර්ශනය කර ඇති අතර, සිසුන් විසින් කේක් කපා ඔහුගේ උපන්දිනය සමරා තිබෙන බව දෙමළ මාධ්‍ය වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා.

Related posts

අද රෑ සිට ලංගම බස් ගාස්තු අඩු කරයි…

colombotoday

බයිබලයට අනුව, නව අගවිනිසුරු නලින් පෙරේරා තමාගේ පළමු කතාව කරයි.

colombotoday

වාහන දුම්බටයක් ෆයිබර් කොහු කම්හලක් ගිනිබත් කරයි

Admin

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපට ගැන අලුත් චක්‍රලේඛයක්

Admin

රවී ජනපති හමුවෙයි.. බැදුම්කර මගඩිය ගැන සියළු රහස් හෙළි කරයි !!!

colombotoday

‘විශ්වාසභංගය සාර්ථක වෙන්නේ මෛත්‍රීගේ උනන්දුව මතයි‘ – මහින්ද මෛත්‍රීට බෝලය පාස් කරයි

colombotoday