Colombo Today Local News

පහන් දල්වා මල් පුදා යාපනය සරසවියේත් මියගිය කොටින් සමරයි

කොටි සංවිධානය වෙනුවෙන් මිය ගිය අය සැමරෙන මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් අද දහවල් සංවිධානය කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ සදහන් කරයි.

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපස මහවිරු සැමරුම වෙනුවෙන් විශාල පහනක ආකෘතියක් සකස් කොට ඇති අතර, කොඩි වැල් වලින් විශ්ව විද්‍යාලය අවට ප‍්‍රදේශ සරසා ඇති බවද ආරක්ෂක පවසති.

පහන් දල්වා, මල් පුදා යුද්දයෙන් මියගිය එල්. ටි. ටි.ඊ. සාමාජිකයින් සැමරීමට යාපනය විශ්ව විද්‍යාල සිසුන් සෑම වසරකම කටයුතු කරනු ලැබීය. එල්. ටි. ටි.ඊ. සංවිධානය ක‍්‍රියාකාරීව පැවති සමයේ යාපනය විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායම් සංවිධානයේ ක‍්‍රියාකාරකම් වෙනුවෙන් සහභාගිවු බවට පසුගිය සමයේ අනාවරණය වු බවද ආරක්ෂක අංශ පවසති.

Related posts

2021 සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

වරායේ සේවකයින් ආරම්භ කළ උපවාසය තවදුරටත්

colombotoday

හිටපු SIS ප්‍රධානියාගේ ජංගම දුරකථනය වහාම සිය භාරයට ගන්නැයි පාස්කු කොමිසමෙන් නියෝගයක්

colombotoday

යුරෝපා සංගම් තානාපතිවරු පිරිසක් ජනපති හමුවෙයි

colombotoday

කුඹුරුයායක අභිරහස් ලෙස මිය ගිය කතකගේ සිරුරක්

Admin

ජනපති අවසන් වරට ජාතිය අමතන්න සූදානම්… වැඩි කැමැත්ත ගෝඨාභයටයි, අවසන් මොහොතේ සජිත් හමුවෙයි !

colombotoday