Colombo Today Local News

නාත් අමරකෝන් මහතා දිවි සැරිය නිම කරයි.. පක්ෂයේ අයිතිය ගැන මැ.කො. සභාපතිට ලිපියක් !

එක්සත් ලංකා මහා සභා පක්ෂයේ (බොදු ජන පෙරමුණ) ලේකම් නාත් අමරකෝන් මහතා අභාවප්‍රාත්ත වී තිබේ. මිය යන විට 82 වැනි වියේ පසුවූ ඒ මහතා මෙරට ක්ෂේත්‍ර ගණනාවකට සුවිශේෂී සේවයක් සිදුකළ පුද්ගලයෙකු ලෙස සැළකේ.

මෙරටට පරිඝණකයක් ගෙනා ප්‍රථම පුද්ගලයාද වන ඒ මහතා  මෙරට ප්‍රසිද්ධ සංවිධාන ගණනාවක ආරම්භක සාමාජිකයාද වෙයි.

මේ අතර නාත් අමරකොන් මහතා අභාවප්‍රාත්ත වීමෙන් පසු ඔහු ලේකම් ධුරය දැරූ එක්සත් ලංකා මහසභා පක්ෂයේ අයිතිය මෑත කාළීනව පක්ෂයට ඇතුළු  වූ වාණිජ අරමුණු සහිත පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් අත්පත් කරගැනීමේ උත්සාහයක් පවතින බව එම පක්ෂයේ  නිත්‍ය නියෝජිත රංජිත් විතානගේ  මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා තිබේ.

පක්ෂයේ සාමාජිකයන්ගේ අනුමැතිය සහිතව, පක්ෂයේ ව්‍යවස්ථාව අනුව  නව ලේකම්වරයෙකු පත් කරගන්නා තුරු, එම ධුරය හිස්ව තබන ලෙසත්, කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් පක්ෂයේ අයිතිය ඉල්ලුවහොත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලෙසත්  අදාළ ලිපිය  මගින් ඉල්ලා තිබේ.

එම ලිපිය පහතින්.

Related posts

කලබල වෙන්න එපා… වෙලාවට කියන්නම් !

colombotoday

“පන්දමා, කේලමා, පිං ඇමතියා” තෙවරප්පෙරුම, මහින්ද සමරසිංහට තිත්ත කතාවෙන් අමතයි

colombotoday

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිවරුන්ගෙන් දඩ කුලියක් අය කිරීමට පියවර

colombotoday

දිස්ත්‍රික්ක හතරක විශේෂිත පිළිකා රෝහල් හදන්න ජනපතිගෙන් උපදෙස්

Admin

ආණ්ඩුව නොහැකියාව වසා ගැනීමට සිංහල-මුස්ලිම් අසමගියෙන් ප්‍රයෝජන ගන්නවා

colombotoday

බැඳුම්කර මගඩියෙන් මැතිසබය රත්වෙයි

colombotoday