Colombo Today Local News

අර්ජුන් ඇලෝසියස් සුජීව සේනසිංහට ඇමතුම් 62ක් අරන්.. දුරකථන වාර්තාව බැදුම්කර කොමිසමට

මහ බැංකුවේ බැදුම්කර මගඩිය පිළිබදව කෝප් පරීක්ෂණය සිදුවන අතරතුර පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගමේ ප්‍රධානී අර්ජුන් ඇලෝසියස් විසින් කෝප් කමිටු සාමාජික මන්ත්‍රීවරුන්ට ලබා ගත් දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් වාර්තාවක් නීතිපතිවරයා විසින් අද දිනියේ බැදුම්කර කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එම වාර්තාව අනුව අර්ජුන් ඇලෝසියස් විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහට දුරකතන ඇමතුම් 62ක්, හර්ෂණ රාජකරැණාට ඇමතුම් 23ක්, දයාසිරි ජයසේකරට ඇමතුම් දෙකක් ලෙස ලබා ගෙන ඇති බව හෙළිදරව් වී ඇත.

අර්ජුන් ඇලෝසියස් ඉහත මන්ත‍්‍රීවරුන් ඇතුළුව කෝප් කමිටුවේ සාමාජික මන්ත‍්‍රීන් අජිත් පී පෙරේරා, හෙක්ටර් අප්පුහාමි යන මන්ත‍්‍රීවරුන් සමග දුරකතන ඇමතුම් ලබා ගෙන ඇති බවද හෙලිව තිබේ.

බැදුම්කර ගනුදෙනුවේදී වංචාවක් සිදුව නැති බව පවසමින් සුජිව සේනසිංහ මහතා විසින් පොතක්ද පල කරන ලදි.

Related posts

අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද

Admin

අගමැතිගේ තීරණයට ඇමති සුසිල් හරස් වේ.. ත්‍රීමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාට විරෝධය

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ

colombotoday

කූට ලේඛණ සකසා මුදල් වංචා කළ දෙදෙනෙක් මාට්ටු !

colombotoday

පෞද්ගලික අංශයෙත් පඩි වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි

Admin

අජාන් බ්‍රහ්මවංස හිමියන්ගෙන් ඇමති නිමල් සමාව අයදියි

Admin