Colombo Today Local News

යුද අපරාධ චෝදනා විමර්ශනයට UN මානව හිමිකම් නියෝජිත පිරිසක් හෙට දිවයිනට !

පසුගිය යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත පිරිසක් හෙට (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

‘ඉන්දියන් ඕපන් නේෂන්‘ නමැති සංවිධානයකින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇති තොරතුරු පදනම් කරගෙන මෙම විමර්ශනය සිදුවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් ප්‍රකාශ කර ඇත.

අදාළ සංවිධානය චෝදනා කරන්නේ යුද සමයේදී සුළුතර දෙමළ ජනතාවට විවිධ ලිංගික තාඩන පීඩන, වදහිංසාවලට ලක්වී ඇති බවයි. යුද්ධය අවසන් වී වසර දහයක් ගතවුවද දෙමළ ජනතාවට තවමත් නිදහස හිමිවී නොමැති බවද සමීක්ෂණ වාර්තාව මගින් ඔවුන් ප්‍රකාශ කර ඇත.

Related posts

මඩකලපුවේ දෙමළ සිසුන්ට ඉස්ලාම් ඉස්ලාම් ධර්මය වැළඳගැනීමට බල කරලා… ගුරුවරුන්ට එරෙහිව දෙමව්පියෝ උද්ඝෝෂණයේ…

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ කටුනායකදී අත්අඩංගුවට..

Admin

විකාශන අධිකාරී පනතට විපක්ෂයේ පක්ෂ එරෙවීමට තීරණයක්

Admin

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ වෙඩි තැබීම්වලින් 19ක් මියගිහින්

Admin

“ගෝඨාභය අත්අංගුවට ගැනීමට ඉඩ නොදෙන්නේ ජනපති මෛත්‍රීයි..” – නීතීඥ සුගන්ධිකා

colombotoday

අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක මළ සිරුරක්

Admin