Colombo Today Local News

සාම කතා අසාර්ථකයි.. දෙමළ සන්ධානයට එරෙහිව අලුත් පක්ෂයක් එයි !

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව කටයුතු කළ හැකි නව දෙමළ දේශපාලන පක්ෂයක් අලුතින් පිහිටුවන බව දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වූ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

අලුතින් පිහිටුවනු ලබන දෙමළ දේශපාලන පක්‌ෂය ඉතා ක්‍රියාකාරී පක්‌ෂයක්‌ ලෙස පවත්වාගෙන යාමට හැකි දේශපාලන වාතාවරණයක්‌ මේ වන විට උතුරු පළාතේ නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා තම නව පක්‌ෂය නැගෙනහිර පළාත් තුළ ද ක්‍රියාත්මක කරන බව කියා සිටියේය.

දැනට දෙමළ ජාතික සන්ධානයට ඉතිරි වී ඇති දේශපාලන පක්‌ෂ තුන අතරින් යාන්තමට හෝ ජීවයක්‌ ඇත්තේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‌ෂයට පමණක්‌ බව පැවසූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා එම පක්‌ෂය ද කටයුතු කරන්නේ උතුරේ දෙමළ ජනතාවට අවශ්‍ය අන්දමට නොව ඉන්දියාවේ ප්‍රබල දේශපාලනඥයින්ට අවශ්‍ය අන්දමට බවද ඊයේ 11 යාපනයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානය බිදී යෑම වළක්වා ගැනීම සදහා උතුරේ කිතුණු පූජකවරුන් ඇතුළු පාර්ශව ගණනාවක් පසුගිය දින කිහිපයේදී දැඩි උත්සාහයක නිරත විය.

 

Related posts

අපේක්ෂිත බදු ආදයම් නොලැබේ

Admin

ළිඳට බැහැල ගැඹුර දැනගත්තා – දැන් රටටම නොමිළේ WiFi දෙනවා

colombotoday

සමලිංගික ආයතනයක් නීතිගත කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් !!!

colombotoday

ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය අදින් ඇරඹෙයි…

colombotoday

පාස්කු ප්‍රහාරයට සැක අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සමග රිෂාඩ් බදුර්දීන්ගේ සබඳතා එලියට

colombotoday

වසර 3ක් සිරගෙට නියම වූ සරණ ඇප මත නිදහස් වෙයි !

colombotoday