Colombo Today Local News

“නාකි වී හැරමිටියෙන් යද්දී දේශපාලනය කිරීම කැත වැඩක්” – චන්ද්‍රිකා

2015 ජනවාරි 08 වනදා ජනතාව ප්‍රතික්ෂේප කළ නියෝජිතයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු කර ගැනීමට තමන් විරුද්ධ වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසිය.

හිටපු ජනාධිපතිනිය මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වත්තල ආසන පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්වීය.

“මම හිතනවා අදත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඇවිල්ලා ඉන්න මඩ ගොඩෙන් නැවත වතාවක් ගොඩ ගන්න නම් ශක්තිමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අපිට අවශ්‍යයි.හොරුන්ගෙන් මිනීමරුවන්ගෙන් සමන්විත එකක් නෙවෙයි.හැම මිනිහෙක්ම විශ්‍රාම ගන්න වෙලාවක් තියෙනවා.හොඳටම නාකි වෙලා හැරමිටියෙන් වෙව්ල වෙව්ල යනකොට දේශපාලනය කරන එක මම නම් හිතන්නේ හරිම කැත වැඩක්.සක්‍ර දෙවියන්ටවත් මාව බය කරන්න බෑ.දැන් මෙතන පක්ෂයත් ඉවර කරලා දාලා රටත් කන කොට අපි මොකක්ද කරන්නේ?ඉස්සෙල්ලම රට බේර ගන්න අපි තීන්දුවක් ගත්තා.මේ වැඩපිළිවෙලට එකතු වෙන ඕනෙම කෙනෙක් කවුරු වුණත් කමක් නෑ ජරාම ජරාම සතෙක් ඇරෙන්න අපි එකතු කර ගන්නවා.මෙතැනදී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වුණා.ජනතා විමුක්ති පෙරමුණ එකතු වුණේ නෑ සහයෝගය දෙන්නම් කිව්වා.”

“තාමත් ඒ වගේ තත්ත්වෙක තියෙනවා.පක්ෂෙ පක්ෂෙ පක්ෂෙ කියලා මේක බදාගෙන හොරකම් කරපු මිනි මරපු හැම කෙනාම පක්ෂයට වැඩි කරන්න ඕනේ නිසා ගන්න ඕනේ කියන එකට නම් මන් සම්පුර්ණයෙන් විරුද්ධයි.එදා ජනවාරි 08 වනදා 2015 ජනතාව ලක්ෂ 63කට කිට්ටු ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කරපු අය අපිට ගන්න බෑ.අපි ඒ ජරා වැඩ කරපු අය අරගෙන රට ඉදිරියට ගෙන යන්න පුළුවන්ද?ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් හදාගෙන යන්න හදද්දී මේ පක්ෂයෙන් ආපහු ඇවිල්ලා ආයේ හොරකම් යුගයක් පටන් ගන්න දගලන කට්ටිය තමයි කියන්නේ පක්ෂය දුර්වලයි,අපිවත් එකතු කර ගන්න.ඒවා බොරු” එහිදී ඒ මහත්මිය මෙසේද වැඩිදුරටත් අදහස් දැක්වීය.

Related posts

පෝට් සිටී සමග ඉදිරියට යන්න චීන ආයෝජකයිනි ලංකාවට එන්න – අගමැතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුම්

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබෙන ඩො.මි. 252ක ණය වාරිකය අනුමතයි

colombotoday

වරායේ වැඩ වර්ජනයට වුයේ කුමක්ද?

colombotoday

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පලා ගිය වෑන් රථය සොයා ගැනේ

colombotoday

බුද්ධශාසන ඇමැතිගේ චීන සංචාරය ඵල දරයි

colombotoday

කිලිනොච්චියේ මෝටාර් උණ්ඩයක් පුපුරයි.. මවකට, දුවකට බරපතලයි !

colombotoday