Colombo Today Local News

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා උතුරේ හර්තාල්.. කඩ සාප්පු වසා දැමේ.. ජන ජීවිතය අඩාලයි.. පාසලුත් වසයි !

බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (13) උතුරු පළාත තුල හර්තාලයක් ක්‍රියාත්මක කර ඇත.

උතුරු පළාතේ සියලුම වෙලදසැල් අද උදෑසන සිට වසා දමා ඇති අතර, සියළු ගමනාගමන කටයුතුද සම්පූර්ණයෙන් ඇණහිට ඇතැයි වාර්තා වේ.

උතුරේ පිහිටි සියලුම දමිළ පාසල්හි අධ්‍යාපන කටයුතු අඩාල වී තිබූ අතර යාපනයේ පිහිටි සියලුම පාසල් වසා දැමීමට ද පියවර ගෙන ඇත.

ද්‍රවිඩ ජාතික සන්ධානය හා උතුරු පළාත් ප්‍රධාන ඇමතිවරයාගේ මූලිකත්වයෙන් යුත් දෙමළ මහජන සභාව විසින් මෙම හර්තාලය සංවිධානය කර ඇත.

Related posts

ලංගම රියදුරු-කොන්දොස්තර නිවාඩු අද සිට අවලංගුයි

colombotoday

ජයසිරි මහ බෝ සමිඳු සිරි ලකට වැඩම කළ උඳුවප් පොහොය

colombotoday

බැලුම් පුම්බපු කාලෙ ගියා බීමත් රියැදුරන් අල්ලන්න ලංකාවට ගෙනාව අලුත්ම උපකරණය

colombotoday

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයෙන් ලංකාවට!

Admin

තැපැල් සේවාවේ වාර්ෂික පාඩුව බිලියන 6ක්

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 10 ක් ස්වාධින වෙයි

colombotoday