Colombo Today Local News

සිංහලයාට නැති දෙමළාට, මුස්ලිමයාට පමණක් ඇති ප්‍රශ්නය මොකක්ද? BBS දෙමළ, මුස්ලිම් ඇමතිලා හමුවී කෙළින්ම අහයි !!

මේ රටේ සිංහලයන්ට නැති, දෙමළ හා මුස්ලිම් ජාතිකයන්ට පමණක් ඇතැයි කියන ප්‍රශ්නය කුමක්දැයි විමසීමට මුස්ලිම් හා දෙමළ දේශපාලකයන් හමුවීමට සැලසුම් කර ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ.

දැනට පවතින ව්‍යවස්ථාව සංහිදියාවට බාධාවක් යැයි ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා සහ උතුරු පළාත් ප්‍රධාන ඇමතිවරයා සහ ඇතැම් මුස්ලිම් දේශපාලකයන් ප්‍රකාශ කර තිබෙන බවත්, එබැවින් ඔවුන් හමුවී මේ ව්‍යවස්ථාවෙන් සංහිදියාවට බාධා වෙන්නේ කොහොමදැයි විමසීමට කටයුතු කරන බවත් එහිමියන් පැවසූහ.

විදේශීය බලපෑම් මත, දේශපාලකයන් කිහිප දෙනෙකුගේ සහ රාජ්‍ය නොවන සංවිධානවල උවමනාවට, මහජනතාවට උවමනා නැති ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානම් වන නව ව්‍යවස්ථාවෙන් රටත්, ජාතියත් බේරාගැනීමට සිදුව තිබෙන බවද උන්වහන්සේ පවසා සිටියහ.

ඥාණසාර හිමියන් මේ බව පැවසුවේ ඊයේ (10) රාජගිරියේ පිහිටි බොදුබල සේනා ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1580194568667231/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10%කින් ඉහළට

colombotoday

ඉන්දන මිල වැඩිකිරීමේ වගකීම ගමන්පිලට. | ඉල්ලා අස්වෙන්න යැයි පොහොට්ටුවෙන් නිවේදනයක්.

colombotoday

IOC ඉන්ධන මිල පහල යයි

colombotoday

අණ නොතකා ගිය යතුරුපැදියකට පොලිසියෙන් වෙඩි

Admin

යෝෂිතගේ සැඟවුණු පැටිකිරිය එළියට!

colombotoday

දුම්රිය මැදිරි 120ක් ධාවනයෙන් ඉවතට

colombotoday