Colombo Today Local NewsNew Constitution

විග්නේෂ්වරන් ඉල්ලීම් දැඩි කරයි.. අලුත් ව්‍යවස්ථාවෙන් තව ඉල්ලයි !

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු කමිටු වාර්තාවෙන් මෙරට සියල්ලන් ශ්‍රී ලාංකිකයන් ලෙස දක්වා තිබීමත් දෙමළ ජනතාවට වෙන් කොට නොදක්වා තිබීමත් සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් විරෝධය පලකර ඇත.

ඔහුගේ සභාපතිත්වයෙන් යුත් දෙමළ මහජන සභාව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එළිදැක්වූ අතුරු වාර්තාව මගින් සියල්ලන් ශ්‍රී ලාංකිකයන් ලෙස දක්වා ඇතත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිගැනීමට ලක්කර නැතැයිද එහි දැක්වේ. මේ නිසා දෙමළ ජනතාව වෙනම කොටසක් සේ සලකා නව ව්‍යවස්ථාව සකස් කළ යුතු අතර, දෙමළ ජනතාවගේ ස්වෛරීභාවය තුළින් මෙම ගැටලුවට විසඳුම් සෙවීම තුළින් පමණක් මෙරට සාමය ඇති කිරීමට හැකි බවත්, නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීමක්ද අපේක්ෂා කරන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

 

 

Related posts

තොරණ සහ දන්සැල තහනම් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අස්ගිරියේ මතය මෙන්න

colombotoday

“ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක හමුව ජනපති අමතයි

Admin

ඔව්.. පො**යෙක් වීම ගැන මං ආඩම්බරයි – ඇමති මංගල පාර්ලිමේන්තුවේදී කියයි (Video)

colombotoday

භික්ෂූන් සහ හමුදාව උතුර සිංහලකරණය කිරීම වහා නවතනු

colombotoday

සභාපති පොල් පිත්තෙන් කැපුවත් මිල්කෝ ලාභ ලබන්න පුලුවන්

Admin

චන්ද්‍රිකාගේ සංහිදියා බලකායේ වාර්තාව රජයට.. විදෙස් විනිසුරුවන් ගෙන්වන්න නිර්දේශ කෙරේ

colombotoday