Colombo Today Local News

කොටින්ගේ හොරි කහන්න ජිනීවා ගිය වයිකෝට UN ආරක්ෂාව !

දෙමළ සංවිධාන කළ ඉල්ලීමකට අනුව ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගී වී සිටි තමිල්නාඩු දේශපාලක වයි ගෝපාල්ස්වාමි හේවත් වයිකෝගේ ආරක්ෂාව සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ලබාදී තිබුණු බව දෙමළ මාධ්‍ය වෙබ් අඩවි වාර්තා කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අමතමින් වයිකෝ, නිදහස් දෙමළ ඊළමක් පිහිටුවීම සදහා වන ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට තමිල්ණාඩු මන්ත්‍රණ සභාවේදී යෝජනාවක් සම්මතකරගත් බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට යුද අපරාධ චෝදනා එල්ලකරමින් අදහස් දැක්වූ ඔහුට ගෝලීය ශ්‍රී ලාංකික සංසද නියෝජිතයන්ගේ දැඩි වාග් ප්‍රහාරයකට ලක්වීමට සිදුවිය.

මෙම සිදුවිමෙන් පසු වයිකෝට ආරක්ෂාව ලබාදෙන මෙන් තමිල්නාඩ ඩී.එම්.කේ පක්ෂයේ ලේකම් එම්.කේ. ස්ටාලින් දෙමළ පාර්ශව වෙනුවෙන් ඉල්ලා ඇති අතර ඒ අනුව, එක්සත් ජාතින්ගේ සංවිධානය වෙනුවෙන් නිලධාරීන් දෙදෙනෙකු ඔහුගේ ආරක්‍ෂාව සඳහා පත්කර ඇත.

Related posts

TNL රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවයි..!

colombotoday

නිදහසේ 75 වන සමරුවට වන්නිලඇත්තන්ට ආරාධනා

Admin

විජේදාස රාජපක්ෂ තක්කඩි දේශපාලකයෙක්. ඔහුගේ මොලේ චෙක් කරන්න | මුජුබර් රහුමාන් කියයි

colombotoday

එපා කියද්දී අබාය ඇදන් ඇවිත්… පුත්තලම ප්‍රා.ලේකම් නිලධරයෝ ලෙඩ නිවාඩු දමති

colombotoday

සුභසාධක ගෙවීම් ජූනි මාසයේ සිට… ගෙවීම් සිදුකෙරෙන්නේ මෙහෙමයි

Admin

ඔන්චිල්ලාවක ගෙල සිරවී දැරියක් අවසන් ගමන් යයි

colombotoday