Colombo Today Local News

මධ්‍යම අධිවේගයේ දූෂණ හොයන කෝප් පරීක්ෂණවලට කිරිඇල්ලගෙන් බාධා !

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් සිදුවී ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් සොයාබලා වහාම වාර්තාවක් ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් විගණකාධිපතිවරයාට නියෝග කර ඇත.

කෝප් කමිටුව වෙත මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ව කැඳවූ අවස්ථාවේදී එම නිලධාරීන් විසින් මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් හෙළිකළ යම් යම් ගැටලුකාරී තොරතුරු නිසා මෙලෙස කෝප් කමිටුව වාර්තාවක් කැඳවා තිබේ.

පසුගිය 20වනදා අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ ජපානයේ තායිසේ සමාගමට මෙය ලබාදුන්නේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් මත බවය.

එම සමාගම මුල් සහ දෙවැනි ටෙන්ඩර්වලදී රුපියල් බිලියන 159ක් ප්‍රකාශ කළ බවත් ඔවුන් පසුව බිලියන 134.9 දක්වා පහළට දැමූ බවත් මේ නිසා බිලියන 24ක් ඉතිරි වූ බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ නමුත් මෙම ටෙන්ඩරය සමිබන්ධයෙන් කෝප් කමිටුවේ සිදුවන විමර්ශන නැවැත්වීම සඳහා මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා දැඩි වෙහෙසක් ගනිමින් සිටින අතර ඔහු කෝප් කමිටුවටද දන්වා ඇත්තේ දැනට සිදුකරගෙන යන ව්‍යාපෘති සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට කෝප් කමිටුවට ඉඩ නොතබන බවය.

ඒ සඳහා තම නිලධාරීන් සහභාගී නොකරණ බවද කිරිඇල්ල අමාත්‍යවරයා කෝප් කමිටුව වෙත දැනීවමත් සමග කතානායක වරයා විසින් මේ තත්වය සම්බන්ධයෙන් කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති, විශයභාර ඇමති ලක්ෂමන් කිරිඇල්ල සහ විගනාකාධිපතිවරයා කැඳවා සාකච්ඡාවක් සිදු කිරීමටද කටයුතු කර තිබිණි. ඒ බව පසුගියදා පාර්ලිමේන්තුවේදීද හෙළි විය.

“මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් දැන් කරගෙන යනවා. ඒ නිසා මේ ඉදිකිරීම් ගැන සොයා බැලීමට මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් එකට ගෙන්වන්න මම ඉඩ දෙන්නේ නෑ” එම සාකච්ඡාවේදී කිරිඇල්ල ඇමතිවරයා තදින් කියා ඇත.

“මම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්නේ. රාජ්‍ය ආයතනයක ගිණුම් සම්බන්ධයෙන් පමණක් නොවෙයි සාමානය ක්‍රියා පටිපාටිය ගැන වුවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස විමර්ශනය කිරීමට හැකියි” යැයි හඳුන්නෙත්ති මහතා කියා ඇත්තේ කෝප් කමිටුව විසින් ප්‍රශ්න කරනු ලබන්නේ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන වාර්ෂික වාර්තාව මත පැන නැගුණ කරුණු බවද සිහිපත් කරමිනි.

“කොහොම වුණත් මගේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට එවන්නේ නැහැ” කිරිඇල්ල ඇමතිවරයා තදින් කියා ඇත.

“දූෂණ වංචා කරලා නැතිනම් ඔය තරම් බය ඇයි? වැරදි තොරතුරු තිබෙනවා නම් නිලධාරීන් ඇවිත් ඒවා නිවැරදි කරාවි” යැයි හඳුන්නෙත්ති මහතා අවසානයේ ප්‍රකාශ කර තිබේ.

Related posts

තියුණු ආයුධයකින් පහරදී මුණුබුරා ආච්චි අම්මාව ඝාතනය කරලා

Admin

ත්‍රස්තවාදීන් ගැන තොරතුරු ගන්න ආරක්ෂක අංශ ඥාණසාර හිමි හමුවෙන්න වැලිකඩ යයි

colombotoday

ඇගමැතිට අලුත් කාර් එකක් ගන්න කෝටි හයක පරිපූරක ඇස්තමේන්තුවක් !

colombotoday

යුද්ධයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 400ක් පාඩුයි..!

colombotoday

සයිටම් සිසුන් කොතලාවල පීඨයට බදවාගැනීමේ කැබිනට් පත්‍රිකාවට ආචාර්යවරුන්ගේ විරෝධය

colombotoday

ඉන්දියානු ශ්‍රමියකයන් ගෙන්වා නොගන්නා බවට “එට්කා“ ගිවිසුමේ වගන්තියක් මගින් තහවුරුකර පෙන්වනු!

colombotoday