Colombo Today Local News

ඩයලොග් ආයතනයට ප්‍රහාරයක්… දුරකථන ජාලා බිද වැටෙයි !!

තම ජංගම දුරකථන සදහා ඩයලොග් සේවාවන් අත්විදින පාරිභෝගිකයන් හට පැය කිහිපයක ජංගම දුරකථන සේවාවන් ඩයලොග් ආයතනය මගින් අත්හිටුවා තිබෙනවා.

මෙයට හේතුව ඇත්තේ ඩයලොග්  ආයතනයේ දත්ත ගබඩාව ඩයලොග් ආයතනයේ පාලනයෙන් ගිලිහි ඇති බවයි.එම නිසා ඩයලොග් ආයතනය ඔවුන්ගේ දුරකථන ජාලය පැය කිහිපයකට අත්හිටුවා ඇති බව ඩයලොග් ආයතනයේ නිල නොවන ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම මේ වන විටත් ඇතැම් ඩයලොග් පාර්භෝගිකයන් හට ඔවුන්ගේ සේවාවන් බිද වැටි ඇති බව එම ආයතනයට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතින බවත් ඔවුන් සදහන් කරයි.

එමෙන්ම මතු වී තිබෙන තත්වය පැය කිහිපයක් ඇතුලත යථා තත්වයට පත්වනු ඇති බව ඩයලොග් ආයතන ආරංචි මාර්ග සදහන් කර සිටියා.මෙලෙස ඩයලොග් ආයතනයේ ඇති වී තිබෙන තත්වය පිළිබද සමාජ මාධ්‍යය ජාලා වලද කතා බහට ලක්වී තිබෙනවා.

Related posts

දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ රැසකට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්

colombotoday

සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ ඉවත් කරයි

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 630 දක්වා ඉහළට

colombotoday

පිළිකා එන්නත් මගඩියක්.. වැඩි මිල ටෙන්ඩරයට අනුමැතිය දීලා.. රජයට කෝටි 10ක පාඩුවක්…

colombotoday

“නළුවෙක් නෙවෙයි මොළයක්” කියපු රනිල්ට “අලයක් තරම්වත් මොළයක්” නැති බව ඔප්පු කරලා ඉවරයි – විමල්

colombotoday