සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපන ලද අරුන්දික ප්රනාන්දු මහතා ඊයේ පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාව ඉල්ලා සිටි බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.
අරුන්දික ප්‍රනාන්දු මහතාට නැවත වරක් වෙනත් නියෝජ්‍ය ඇමති ධුරයක් ලබා දීමට ඉහළ පෙලේ සාකච්ඡා සිදුව ඇති බවද එම පුවත්පත් වාර්තාවේ දැක්වෙයි.
මේ අතර අරුන්දික ප්රනාන්දු මහතා මහතාට නැවත වතාවක් නියෝජ්‍ය ඇමති ධුරයෙක් ලැබෙනු ඇති බවට ඇමති චන්දිම වීරක්කොඩි ඉගි පල කලේය.
ඔරුගොඩවත්තේ පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මේ බව කියද්දී වේදිකාවේ ජනාධිපතිවරයා මෙනම අරුන්දික ප‍්‍රනාන්දු මහතාද විය.