Colombo Today Local News

එරාවූර් සිට අකුරණට ආ හොර හරක් ලොරියක් පෙරලෙයි.. ගවයන් තොගයක් එතැනම මිය යයි (Photo)

බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ඝාතනය කිරීම සඳහා මඩකලපුව එරාවූර් සිට අකුරණ දක්වා ගවයන් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්ද කොහොලන්වල ප්‍රදේශයේදී අද (01) දින අලුයම අනතුරට ලක්ව ලොරි රථයේ සිටි එළ ගවයන් 11ක් ලොරිය තුළදීම මියගොස් ඇත.

ලොරිය තුළ එළ ගවයින් 38 දෙනෙකු සිට ඇති අතර අනෙකුත් සතුන් දැඩි ලෙස තුවාල වී අසාධ්‍ය තත්වයේ පසුවෙද්දී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇත .

අළුයම් කාලයේ ප්‍රදේශවාසීන් සිද්ධිය දැක මහවෙල පොලිසියට දැනුම්දුන් බව කියති. එහෙත් පොලිසිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. ඉන්පසුව මහවෙල පොලිසිය එම ස්ථානයට පැමිණ යුද හමුදා සෙබළුන්ගේ සහයෝගය සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ලොරි රථයේ සිරවී සිටි සහ මියගිය හරකුන් මුදාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

Related posts

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

Admin

නිවසක සිදුකළ වැටලීමකදී ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 08ක් අත්අඩංගුවේ

colombotoday

ඇමැති 12 කට වාහන ගන්න කෝටි 53ක් වෙන්කරයි

colombotoday

TNA දෙකඩ වෙයි… විග්නේශ්වරන් ‘දෙමළ ජනතා සභාව’ නමින් අලුත් පෙරමුණක් හදයි

colombotoday

පොලොන්නරුවේ නිධන් හෑරු 4ක් අල්ලයි

Admin

ජනපති – ආණ්ඩු පක්ෂ නායකින් කැඳවයි

colombotoday