Colombo Today Local News

“රාජිතට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඉඩ දෙන්නේ නෑ” – කිරිඇල්ල

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කිරිමට යන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩ නොදෙන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඇමැති රාජිත සේනාරත්න මහතාට විරුද්ධව ඉදිරිපත් කිරීමට සැලසුම් කරන විශ්වාසභංග යෝජනාවේ නීතිමය ගැටලු රැසක්‌ තිබෙන නිසා එය පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්‌සත් ජාතික පක්‌ෂය ඉඩ දෙන්නේ නැති බවත්, නීතිමය ගැටලු පවතින බැවින් විශ්වාසභංග යෝජනාව භාර නොගන්නා ලෙස කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්‌ද කරන බව ඇමැතිවරයා පැවැසීය.

මහනුවර දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමට සහභාගි වීමෙන් අනතුරුව ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

Related posts

ආර්ථික වර්ධනයෙන් ලංකාවේ දකුණු ආසියාවේ හයවන තැනට..

colombotoday

කෝප් කමිටුවෙන් අනුර ඉවත් වෙයි

Admin

කෝටි 6කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව අල්ලයි

Admin

මූතූර්හී දී පොලිසියට ප්‍රහාර – හෙල්මට් නීතිය මුතුර් සහ කාන්තන්කුඩියෙන් ඉවතට?

colombotoday

පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙක ඇරඹේ

Admin

චීනයේ නියෝගයක් නිසා මෙරට ප්‍රථම සුලං විදුලි බලාගාරය ගලවා ඉවත්කරගැනීමට රජය තීරණ කරයි

colombotoday