Colombo Today Local News

අර්ජුන – දයාසිරි කැබිනට්ටුවේදී ගැටෙයි.. දයාසිරි ක්‍රීඩා ඇමතිකම අර්ජුනට දෙයි !

ඊයේ (29) උදේ පැවති කැබිනට් රැස්වීමේදී ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ඛණිජ තෙල් කර්මාන්ත ඇමති අර්ජුන රණතුංග යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රෘතීම ධාවන පථය නැවත එළීම සඳහා ටෙන්ඩර් කැඳවීමට ක්‍රීඩා ඇමතිවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් අර්ජුන රණතුංග ඇමතිවරයා නිරීක්ෂණ ඉදිරිපත් කළ අවස්ථාවේ ඇමතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇති වූ බව දැනගන්නට ඇත.

අවසානයේ දයාසිරි ජයසේකර මහතා දැඩිව ඇමති අර්ජුනට පවසා ඇත්තේ තමන්ගේ ක‍්‍රීඩා අමාත්‍යංශය බාර ගන්නා ලෙසයි. කෙසේ වෙතත් ඇමති අර්ජුන ඊට පිලිතුරැ දී ඇත්තේ දැනට ඇති ඇමති ධුරවලට අමතරව ක‍්‍රීඩා අමාත්‍යංශය දුනහොත් බාර ගැනීමට සූදානම් බවයි.

අවසානයේ ජනාධිපතිවරයා මැදිහත් වී තත්වය ඉතා අසීරුවෙන් පාලනය කර ඇත.

Related posts

සිංහ කොඩිය එවරස්ට් කඳු මුදුනේ.. ලාංකික කත වාර්තා පොතට එක්වෙයි

colombotoday

Video: හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම්, සාර්ථකව මහනුවර රෝහලෙන්

colombotoday

දෙපා නැති නාඳුනන මළ සිරුරක් ගං ඉවුරක

Admin

2020 දී ‍පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – රාජිත සේනාරත්න

colombotoday

9 වැනි විධායක ජනපති ලෙස අනුර කුමාර දිසානායක අද දිවුරුම් දෙයි

Admin

නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

colombotoday