Colombo Today Local News

ධීවර වරායේ මගඩියෙන් රජයට කෝටි 48ක් පාඩුයි.. “හොරු අල්ලන රාජිතගේ” තවත් වැඩක් එළියට !

එක හොරෙකුටවත් ඉඩ දෙන්නෑ යැයි පවසන රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එරෙහිවද දූෂණ චෝදනා ගණනාවක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ දේශපාලන වැඩසටහනකට සහභාගී වෙමිනි. පසුගිය රජයේ ධීවර ඇමතිව සිටියදී මෝදර ධීවර වරාය බදු දීමේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් කරන ලද මහා පරිමාණ දූෂණයක් පිළිබදව මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර සිටියේය.

මාසිකව දහහත් ලක්ෂ පනස්දහසක් අයකළ යුතුයැයි රජයේ තක්සේරුකරුවන් විසින් නිර්දේශ කළත්, මාසිකව රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් වැනි මුදලකට මෝදර ධීවර වරාය වසර විසි පහක් සදහා ඇමතිවරයා විසින් ලබා දීම හේතුවෙන් රජයට කෝටි 48ක පාඩුවක් සිදුව ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂවරියට ඉල්ලා අස්වීමට සිදුවූයේත් රාජිත සේනාරත්න ඇමතිවරයාට එරෙහිව පැවති දූෂණ චෝදනාවක විමර්ශන කටයුතු ආරම්භ කල නිසා බවද හෙතෙම පැවසීය.

[fbvideo link=”https://www.facebook.com/jvpsrilanka/videos/1458715650884384/” width=”580″ height=”400″ onlyvideo=”1″]

ධීවර වරාය ශක්‍යතා අධ්‍යනයෙනුත් 18 කෝටියකට විදලා.. දුෂණ මර්ධනයට පැමිණිලි

ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ “මෙගාඩීල් නැව් 8” මෙන්න!

 

Related posts

ආයුධත් සමග ආවා කල්ලියේ 7ක් අල්ලයි

colombotoday

විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය. – අමාත්‍යවරුන්ට සමාගම මුදල් දීලා ?

colombotoday

ශිවාජිලිංගම් 51 බලසේනා මූලස්ථානය ඉදිරිපිට මියගිය කොටි සමරයි…

colombotoday

කොමිසමේදී ඇත්ත එළිවුණත් බැඳුම්කර හොරුන්ට නඩු නෑ.. දඩුවමුත් නෑ !

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 816 ක්

colombotoday

මරණ දඩුවම ගේන හිරුණිකාගේ යෝජනාව ගැන විවාදයක්

colombotoday