Colombo Today Local News

කිලිනොච්චියේදී හමුදා නිලධාරීන්ට පහරදීම පෞද්ගලික ආරවුලක් !

කිළිනොච්චිය, ඌත්‍රපුලම් ප්‍රදේශයේදී ඊයේ (24) හමුදා නිලධාරීන් දෙදෙනෙකුට එල්ලවූ ප්‍රහාරය පෞද්ගලික ආරවුලක් නිසා ඇතිවූවක් බව හමුදා මාධ්‍ය ප්‍රකාශය බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පවසයි.

පහරකෑමට ලක්වූ හමුදා සාමාජිකයන් දෙදෙනා කිලිනොච්චිය මුරුගන්ඩි හමුදා කදවුරේ සහයක සේවා වශයෙන් යුද හමුදාවට එක්වූ දෙමළ ජාතික අය වන අතර එක් අයෙකු නිවාඩු ලබා සිට ඇති අතර, අනෙක් නිලධාරියා රාජකාරී කටයුතු සඳහා නිවසේ සිට සේවයට පැමිණෙන අයෙකු වන බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

තුවාල ලැබූ හමුදා සෙබළුන් දෙදෙනා මේ වන විට කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

Related posts

ඉරාන ජනාධිපති අද දිවයිනට – කොළඹට විශේෂ රථවාහන සැලසුමක්

Admin

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

colombotoday

මිනීමරුවන්,කප්පම්කරුවන් කියන පලියට මං අස්‌වෙන්නේ නෑ – විජයදාස

colombotoday

කැලණියෙන් ආසාදිතයින් 74ක් හඳුනා ගැනෙයි

colombotoday

සජිත් – රවී ගැටුම අගමැති හමුවට

colombotoday

පිරිමින් වඳකරන ග්ලුපොසිනේට් තහනම්

colombotoday