Colombo Today Local News

අලුත්ගම ගැටුමේ වින්දිතයන්ට රජයෙන් වන්දි !

බේරුවල අලුත්ගම දි 2014 සිදුවූ ගැටුමෙන් මිය ගිය හා තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් වන්දි ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම සිදුවීමෙන් මියගිය පුද්ගලයන් තිදෙනාට එක් අයෙකුට රුපියල් මිලියන 2 බැගින් මිලියන 6ක් හා තුවාල ලැබූ 12 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 දක්වා වන උපරිම මුදලක් වන්දි වශයෙන් ලබා දීමට නියමිතය.

බන්ධනාගාර හා පුනරුත්තාපන අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා මේ සදහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැති හිමිවි තිබේ.

අලුත්ගම ධර්ගා නගරයේදී පූජ්‍ය අයගම සමිත හිමියන්ට මුස්ලිම් පිරිසක් පහරදිමේ සිදුවීමක් මුල්කරගනිමින් ඇතිවූ ගැටුමෙන් බේරුවල, අලුත්ගම, ධර්ගා නගරය අවට සිංහල හා මුස්ලිම් විශාල පිරිසකට දේපළ හානි සිදුවිය.  කෙසේ වෙතත් වන්දි මුදල් හිමිවන්නේ කුමන පුද්ගලයන්ටද යන්න මෙතෙක් හෙළිවී නැත.

Related posts

මඩොල්සිම පුංචි ලෝකාන්තයේදි මාධ්‍යවේදියෙක් අතුරුදන්

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණු කරයි

colombotoday

යාපනයට මන්ත්‍රී ධුරයක් වැඩිවෙයි.. බදුල්ලට අඩුවෙයි !

colombotoday

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

ETI කටයුතු අත්හිටුවීමට අවසර දෙන ලෙස ඉල්ලා මහ බැංකුවෙන් මෝසමක්

colombotoday

ජනපති පාර්ලිමේන්තු සැසිය අවසන් කල හේතුව අනුර කියයි

colombotoday